දේශීය පුවත්

ප්‍රති ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදීන්ව හුරතල් කර වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමටවත් නුසුදුසු බවත්, එම කටයුත්ත සිදුකර ගැනීමට ජනතාව පෙළගස්වන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

මීට අදාළ කටයුතු ඉදිරි දෙසතිය තුළ සැලසුම් කර තිබෙන අතර, මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක වන ත්‍රස්ත පනත තුළින් ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත්, එහෙත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ සඳහන් වන්නේ ත්‍රස්තවාදීන්ට ලිහිල් දඬුවම් ලැබෙන වගන්ති බවත් නවීන්ද සොයිසා මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More