දේශීය පුවත්

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

‘‘ පසුගිය විසි එක්වැනි දා සාමකාමී ශ්‍රී ලාංකික රට වැසියන් ඉලක්ක කරගෙන අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දාමය සමඟ අපගේ මාතෘභූමිය ඉතා බරපතළ තත්වයකට පත්ව තිබෙනවා. ගෙවුණු කාලය තුළ රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කිරීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තැබිය යුතු නිසි අවධානය නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ මෙම අවාසනාවන්ත තත්වය උද්ගත වීමයි. ඒ හේතුකොටගෙන අද අපේ දරුවන් පාසැල් යෑමට පවා නොහැකි තත්වයකට අප රට පත්ව තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල වී තිබෙනවා. කිතුනු බැතිමතුන්ට දේවස්ථානය අහිමි වී තිබෙනවා, එමෙන්ම බොදුනු ජනතාවට වෙසක් උත්සවය අහිමි වී තිබෙනවා. රැකී රක්ෂා කරන ජනතාවට ජාත්‍යන්තර කම්කරු දිනය අහිමි උනා.

කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදී වසර 30ක කාලයක් තුලදී වත් මෙබදු තත්වයකට අපේ රට පත් වුනේ නැහැ. මිත්‍රවරුනි,

කවර හේතු මත මේ තත්ත්වයට අපගේ රට ඇද වැටුණත් අප කවර අයුරින් හෝ මේ අභියෝගයට මුහුණ දී ජය ගත යුතුයි. ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ LTTE අභියෝගයට මුහුණ දී ජය ගත් අපට මේ අභියෝගය ජය ගැනීම අසීරු විය නොහැකියි. මේ සඳහා කෙටි කාලීන මෙන්ම මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර ගත යුතුව තිබෙනවා. මේ අන්තවාදී මනස නිර්මාණය කිරීමට ඉවහල් වූ සාධක නැතිකර දැමිය යුතුයි. සාමකාමී මුස්ලිම් ජනතාව පවා අසීරු ඉරණමකට ඇද දැමූ මේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කර දැමිය යුතුව තිබෙනවා. මුළු රටම එක නීතියක් යටතට ගෙන ජාතික ආරක්ෂාව මූලික කොටගත් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ විශේෂයෙන්ම අපගේ තරුණයන්ගෙන් මා විශේෂ ඉල්ලීමක් කරනවා. 83 ජූලියේ මෙවැනිම ආකාරයෙන් එවකට පැවති ආණ්ඩුවේ අශිර්වාදයෙන් ආරම්භ වුන සිද්ධි කිහිපයක් නිසා අවුරුදු 30 ක යුද්ධයකට රට ඇද ගෙන ගියා.එම අමිහිරි අත්දැකීම් තවමත් අපේ මතකයේ තිබෙනවා. එම නිසා මේ මොහොතේ රජයක් වශයෙන් තම වගකීම පැහැරහැර ඇති මොහොතක නීතිය අතට ගෙන කටයුතු කරන්න එපා කියන ඉල්ලීම මා කරනවා. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. අසීරු වුවත් හැඟීම් පාලනය කරගන්න. අපි එකතු වී මෙම අන්තවාදය සහ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි. අප්‍රේල් 21 වන දින සිට මේ දක්වා මෙම අවාසනාවන්ත තත්වය දනුවත්කමින්ම තම වගකීම් ඉටු නොකල වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඇතුළු එයට අනුබල දුන් සියලු දෙනාටම අනාගතයේදී දඩුවම් දීම අපි අපගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා.

ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැත්තටම නැති තත්ත්වයකට පත් වී තිබෙන මේ අවස්ථාවේ සියළු ජාතීන් එකමුතුව ශක්තිමත්ව මේ අභියෝගයකට මුහුණ දිය යුතුයි. ඒ කොහොම වුණත් මේ ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින බලවේගයට වුවමනා වී ඇත්තේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ආරවුල් ඇති කිරීමයි. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම ක්‍රියාවට නංවනවා.

සමාජ මාධ්‍ය තහනම් කිරීම මගින් ජනතාව තුල අනිසි බියක් සහ සැකයක් මතුව තිබෙනවා.
එම නිසා මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කරන මෙන් මා ඉතා ඕනෑකමින් නැවතත් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ කළ යුත්තේ මේ රට, මේ ඉරණමට ඇද වැට්ටූ වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම මිස, 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදීමයි.

එබැවින් ඉවසීමෙන් ක්‍රියාකරන ලෙස මම යළිත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එය මේ රටේ අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අප මත පැටවී තිබෙන අත්හල නොහැකි වගකීමක් . මේ අනාරක්ෂිත තත්ත්වය නැති කළ හැක්කේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණයි. මේ ඔබ අප සියලු දෙනාගේ මාතෘභූමියයි. ‘‘



One thought on “කළු ජූලියකට නැවත ඉඩ දෙන්න එපා”

  1. “….1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක….”
    පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න සමහර අයම මේ තත්වය ඇති කරනවානම් කරන්න තියන එකම දේ ආණ්ඩුව විසුරුවා හැර චන්දයක් පැවැත්වීමම පමණයි.
    ——————-
    පෙර ලිපියට අන්තර්ගත කරන්න අමතක වෙච්ච තව කාරණයක් තමයි මේ අධිරාජ්‍යවාදී plan එකේ ඇති රටේ මූල්‍ය ආර්ථිකය බංකොලොත් කිරීම. ඒ අනුව මහ බැංකු කොල්ලය මේ plan එකේම කොටසක්. ඒ වගේම සුපිරි හෝටල වලට පහර දීම.

    දැන් දැන් එක්සත් ජාතීන්ගේ ලොක්කොත් ලංකාවට පාත්වෙලා වගේ පේනවා. කාදිනල් තුමා රවට්ටන්න බැරි නිසා මල්වතු අස්ගිරි හාමුදුරුවන්ට ලං කරලා ළමයි ඉස්කෝලේ නොයන එකට ලොකු කැක්කුමක් හැදිලා වගේ කතාව. මේ හාමුදුරු දෙගොල්ලට රටේ ලෝකේ තත්වය ගැන කිසිම අදහසක් නෑ. ඒ ගොල්ල හැමදාම UNP එකට මුක්කු ගැහුව බව කවුද නොදන්නෙ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More