දේශීය පුවත්

පාස්කු ඉරිදා දින කතෝලික පල්ලි කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා මුස්ලිම් සමාජය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබූ විශ්වාසය බිඳවැටී ඇති නිසා එම විශ්වාසය යළි ගොඩනඟා ගැනීම වෙනුවෙන් මුස්ලිම් සමාජය විසින්ම ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බව බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා පැවසීය.

බ්‍රිගේඩියර්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ දෙහිවල ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී පසුගිය ඉරිදා (12දා) පැවැත්වූ මුස්ලිම් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටනකදීය.

“මාත් එක්ක පැමිණි අනෙක් නිළධාරී ඔක්කෝම අපි අවුරුදු 25 ක් 30 ක් විතර සේවයක් තියෙන නිළධාරීන්. අපි ඇත්තටම මේකට එන්නේ දුකින්. මොකද අපි යුද හමුදාවට බැදිලා ත‍්‍රස්තවාදීන් එක්ක සටන් කළේ මෙම සමාජයට නැත්තන්ම් ශ‍්‍රි ලංකාවට සාමය ගේන්න. සාමය ගේන්න ලොකු කැපකිරීමක් කරා.

ඉතින් මෙච්චර දුරක් ඇවිල්ලා මේ වගේ ත‍්‍රස්තවාදචාදී ප‍්‍රහාරයක් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණීම ගැන දුකයි. ඒක ඔයගොල්ලන්ට මං දන්නේ නෑ කොහොම තේරුණාද කියලා. නමුත් තේරුම් ගන්න කාලය ඇවිත්. අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක.

ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න. මම මේ අවුරුදු 30 ගණනක් තිස්සේ යුද්ධ කරලා වැඩක් නැහැනේ. මුස්ලිම් නිලධාරීන් වශයෙන් ඒ සාමය අපිට ගේන්න බැරිනම්.

අපි ඇවිල්ලා මුස්ලිම් සමාජය මේ ලංකාවේ අවුරුදු 1000 කට විතර එහා ගිය සමාජයක්. ඒගොල්ලන් කරපු වැඩ කොටස මුස්ලිම් සමාජය විසින් මේ ලංකාවට කරපු වැඩ කොටස ඉතාම විශාලයි. රජ කාලයේ පටන් රජ්ජ්රුවොත් එක්ක එකතුවෙලා මේ රට වෙනුවෙන් හොඳක් කරා. ඊට පස්සේ ආවා නිදහස වෙනුවෙන් අපේ කට්ටිය ලොකු වැඩ කොටසක් කරා.

ඊට පස්සේ අවුරුදු 30 ක් යුද්ධයක් ආවා. ඒක වෙනුවෙන් අපේ නිළධාරීන්, සොල්දාදුවන් සටන් කෙරුවා . විශාල සේවාවක් කරා. ඊට ප්සසේ මේ ඔක්කොම මේ අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔක්කොම මැකිලා යනවා. දැන් අපේ විස්වාසයක් නෑ. මේ සමාජයේ අපි මුස්ලිම් කතා කරන්න. අපි කොච්චර සුදු ඇන්දත් අපි කොච්චර වැඩ කරත් අපිට මුස්ලිම් සමාජය කෙරෙහි විස්වාසයක් නෑ. ඉතින් ඒක දැන් විස්වාසය ගොඩ නගන්න ඕනෑ කාලයක් මේක. යුද්ධ හමුදාධිපතිතුමා කියන්නේ දැන් විස්වාසය ගොඩ නගන්න ඔය ගොල්ලන් ගිහින් කථා කරන්න සමාජයත් එක්ක එකතු වෙන්න කියලා. අඩුපාඩු තියෙනවානම් ඒවා හදාගන්න කියලා.

අපි ඔක්කෝටම වගකීමක් තියෙනවා මේ රට ගැන. මේ වෙච්ච මිලේච්චජ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් සමාජය විදිහට අපිට බැරි වුණා ඒක නවත්ත ගන්න. ඒක තමයි දුක.මම කාත්තන්කුඩි ගියා. ඒ ගියපු වේලාවේ ඔය සහාරන් කියන ත්‍රස්තවාදියා ගැන කතා කරා. එහේ කට්ටිය ඔහු ගැන කිව්වේ එයා පොඩි කාලේ ඉදලම රැඩිකල් අන්තවාදී අදහස් තිබුණ කෙනෙක් කියලයි. එයාගේ ලොකුම ප්‍රශ්නේ තිබුනේ රමනාන් මාසේ අවුරුද්ද කවද්ද තියන්න ඕනේ කියන එක තමයි එයාගේ ප්‍රශ්නේ හැමදාම ඇවිල්ලා එයා ප්‍රශ්න කරනවාලු පල්ලියේ. කවද්ද මේක තියෙන්න ඕනේ. මේක සවුදි අරාබියේ වාගේ තියෙන්න ඕනේ කියලා. ඒගොල්ලන් කියන්නෙත් නෑ මේ දවස තමයි ඒකට දීල තියෙන්නේ කියලා. ඒත් එයා කැමති වෙන දවසක තියන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More