දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර නැත.

මෙම සංවිධාන තහනම් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර මේ වන විට දින 16 ක් ගතවී ඇත.

හදිසි නීතිය පැනවීමත් සමග ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු සලසා ඇති බව ජනාධිපතිවරයා විසින් නිවේදනය කර සිටියේ පසුගිය 27 වැනිදාය. එසේ වුවද, එම ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමට අදාළ නිල ගැසට් නිවේදනය මේ වනතෙක් රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත.

හදිසි නීතිය යටතේ වුවද එම සංවිධානය තහනම් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවත්, එය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට හදිසි නිතීය පැනවීම පසුගිය මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සිදු කළ නමුත් එය වලංගු කාලය වන්නේ මාසයක කාලයක් සඳහා පමණය. ඒ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ යුතුව ඇත.

වඩාත් නිවැරදි නම් කල යුතුව තිබුණේ ජනාධිපතිගේ චීන සංචාරයට ප්‍රථම අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමය. එහෙත් එවැන්නක් සිදුව නැත. කිසිවක් නොකළ ජනාධිපති 27 දෙනෙකුගෙන් සමන්විත දූත මණ්ඩලයක් සමඟ අද (13) සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත.

අප්‍රේල් 27 ජනාධිපතිගේ නිවේදනය !

ජාතික තවුහීද් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් මස 27 වැනිදා නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපොළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත. මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.
LNW



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More