දේශීය පුවත්

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.

මීට අමතරව ගම්පහ පොලිස් කොට්ඨාසයට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව හෙට(14) උදෑසන 6 දක්වා එම ප්‍ර දේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ,වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල හා යක්කල පොලිස් වසම්වලට බලපැවැත්වෙන පරිදි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

වයඹ පළාතට ද නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවීය.

ඒ අනුව, කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය ක්‍රියාත්මක විය.



One thought on “දිවයිනටම අද රාත්‍රී 9යේ සිට ඇඳිරි නීතිය පනවයි (Update)”

  1. ජංගම දුරකථන වලින් වීඩියෝ කරපු දර්ශන වලින් දැක්ක විදියට නම් හිතෙන්නෙ මේ කලබල කරන්නෙ සාමාන්‍ය මහ ජනතාව නෙවෙය් රස්තියාදු කාරයෝ කියල. හරියටම අර 83 ජූලි කලබල වලදී වගේ.

    මේ අයගෙ පිටුපසින් ඉන්න බලවේග නම් මේ පොලිසිය මේ ආන්ඩුව තියෙනකම් අදුරගන්න බැරි වෙය්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More