දේශීය පුවත්

“පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් විදියට මම දකිනවා. හම්බන්තොට වරාය චීනයට දීමෙන් ඇමෙරිකාවත් ඉන්දියාවත් විරසක වුණා. ලංකාවට චීනයේ බලපෑම නැති කරන්න ඇමෙරිකාවට අවශ්‍ය වෙලා තියෙනවා.“යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය.

‘ඒ වගේම මේ ආණ්ඩුව හොඳ නැති නම් වෙන ආණ්ඩුවක් පත්කර ගන්න ඕනෑ. ඇමෙරිකාවෙන් බෞතීස්ම කරලා එවන මිනිස්සු ඊළඟට ලංකාවේ රාජ්‍ය නායකයෝ වෙන්න කල්පනා කරගෙන ඉන්නවා. ඇමෙරිකා අධිරාජ්‍යයේ වුවමනාවට මිනිස්සු ගෙනත් ලංකාවේ පැළ කරන වැඩ සටහනට අපි අසුවිය යුතු නැහැ’

“අද සමාජය රැවටිල්ලට භාජනය වෙලා. අද මිනිස්සු අවංක නැහැ. කැපුවත් කොළ – කැපුවත් නිල් කියපු අය අද නැහැ. දේශපාලනය ව්‍යාකූල වෙලා. ඒ නිසා පක්ෂය ප්‍රතිසංවිධානය සදහා ස්ථාවර වැඩ සටහනක් ආරම්භ කළා. වැඩ කරන්න බැරි අය අයින් කර වැඩ කරගෙන යමු. බය නැතිව ඕනෑම මැතිවරණයකට බය නැතිව ඉදිරිපත් වෙන්න පුළුවන් ශක්තියක් හදන්න ඕනෑ. අනුන්ගේ පානෙන් එළිය බලන්න ඕන නැහැ. සෙනඟ ඉඳලා විතරක් ඡන්ද දිනන්න බැහැ කියලා 2015 ජනවාරි 8 වැනිදා ඔප්පු කළා. දැන් පක්ෂ දෙකට කැඩිලා වැටිලා ක්‍රමානුකූල වැඩ පිළිවෙළකින් දැන් පක්ෂය නැවත ගොඩ නගන්න ඕනෑ.’’

‘‘පාස්කු ඉරිදා ඇතිවුණු සිද්ධියෙන් ජනතාව වික්ෂිප්ත වුණා. මුස්ලිම් ජනතාව කියන්නේ ආර්ථික වශයෙන් කටයුතු කළ පිරිසක්. අහිංසකව සිටි මිනිස්සුන්ට මෙහෙම වුණේ ඇයි? මොකක්ද හේතුව. කවුද පිටිපස්සේ ඉන්නේ? අපි කල්පනා කරන්න ඕනෑ. මේක නිකං සිද්ධියක් නොවෙයි. බහුතරයක් මුස්ලිම් ජනතාව මේකට සම්බන්ධ නැහැ. ඒ අය ගැන අපේ ගෞරවය අනුකම්පාව තියෙන්න ඕනෑ. 1983 මේ වගේ සිද්ධියකින් 13 දෙනෙක් මියගියා. අවුරුදු 27ක් යුද්ධ කරන්න සිදුවුණා. එහෙම වුණේ ලංකාවම මිනිස්සු පාරට බැහැලා දෙමළ මිනිස්සු ඝාතනය කරන්න ගිනි තියන්න ගත් නිසයි. ඒකේ ප්‍රතිඵලය තරුණයන් සියලු දෙනා කොටි සංවිධානයට එකතු වුණා. ඒ ගොල්ලෝ වැඩ කරේ වෙනම රාජ්‍යයක් ගන්න මිස කාන්තාවෝ 72 ක් ගන්න නොවෙයි. වසර දහයකට පස්සේ ආයේ බෝම්බ බියක් ඇතිවුණා.

බෝම්බ ගහපු වෙලාවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා හිටියේ නැත්නම් ලංකාවට එක්සත් ජාතීන්ගේ හමුදාවක් බස්සලා ඉවරයි. ගහයි කියලා බයට මුස්ලිම් සහෝදරවරු කඩු ටිකක් තියාගෙන ඉන්න ඇති. මුස්ලිම් සහෝදරවරු කියන්නේ රජ සමයේ අපේ රජ්ජුරුවන්ට ඔත්තු දෙමින් අපිව රැක්ක මිනිස්සු. වහාබි සංස්කෘතිය නිසා මුස්ලිම් කාන්තාවෝ මුහුණ වැහෙන්න ඇඳුම් අඳින්න ගත්තා.

අද මේ ප්‍රහාරය ආවේ කොහෙන්ද? අද ලංකාව පාලනය කරන්නේ අපි නොවෙයි. මතක තියාගන්න. ලංකාවේ පළවෙනි වතාවට හම්බන්තොට වරාය චීනයට දීපු වෙලේ ඇමරිකාවත්, ඉන්දියාවත් අපි එක්ක විරුද්ධ වුණා. ඒක වර්ධනය වුණා. ආසියාවේ බලය චීනයට ගියාම ආසියාවේ ඔවුන්ගේ බලය හීනවෙන බව ඔවුන් කල්පනා කළා. මේක අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රශ්නයක් මිස මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නොවෙයි. විශාල අර්බුදය නිසා චීනයත්, ඇමෙරිකාවත් ගහගන්න තැනට පත්වුණා. එහි අවසන් ප්‍රතිඵලය භුක්ති වින්දේ අපි. හානියට පත්වුණේ අපි. ලංකාවේ ඔවුන්ට අවශ්‍ය ක්‍රියාදාමයක් සකස් කරන්න. චීනයේ බලපෑම නැති කරන්න ඇමෙරිකාවට අවශ්‍ය වෙලා තියෙනවා.

මේ බව පක්ෂයේ මහ ලේකම් විදියට කීවාම ප්‍රශ්නයක් වෙනවා. මම පුද්ගලයෙක් විදියට කියන්න වෙනවා. එතැනින් පස්සේ ඉන්දියාව මත්තල ගුවන් තොටුපළ ඉල්ලුවා. අනෙක් පැත්තෙන් ඇමෙරිකාව ත්‍රිකුණාමලය ඉල්ලන්න පටන් ගත්තා. මේ ආණ්ඩුවට සිද්ධවුණා මේක අතඇරලා නිකං ඉන්න. මේ අර්බුදය මේ ප්‍රශ්නයට හේතුව බවට පත්වුණා. අයිසිස් සංවිධානය සිරියාවෙන් අවසන් වුණා. අල්කයිඩා පටන් ගත්තේ ඇමරිකාවේ සීඅයිඒ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඉරාකයට ගැහුවේ ඒකෙන්. සදාම් හුසේන් මරා දමන තෙක් ඒ ක්‍රියාදාමය අරන් ගියා. හොඳට තිබුණු ලිබියාවේ ගඩාපි පාරදිගේ මරලා දැම්මා. සිරියාව එහෙමයි. යේමනය එහෙමයි. මේ සියලුම රටවල්වලට අරාබි වසන්නය කියා ගෙනාපු වැඩ පිළිවෙළ යටතේ සම්පූර්ණ රාජ්‍ය අකර්මණ්‍ය කරලා දැම්මා.

ඒ නිසා මේ කාගේවත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඇමෙරිකන් අරගලයෙන් රට බේරාගන්න ශ්‍රී ලංකාවේ මිනිස්සු විදියට අපි ලෑස්ති වෙන්න ඕනෑ. ඒ බව තේරුම් ගන්න. රොනල්ඞ් හුසේන් ප්‍රකාශයක් කර තිබුණා. අපේ නායකයන් හොයා දෙන්න එයා කවුද? මේකට අපි අහුවිය යුතු නැහැ.

මේ ආණ්ඩුව හොඳ නැති නම් වෙන ආණ්ඩුවක් පත් කර ගන්න. ඒක කමක් නැහැ. නැතිව ඒකට ඇමරිකාවට ගැතිකම් කරන මිනිස්සු ගෙනත් පැල කරලා හරියන්නේ නැහැ. ශ්‍රී ලාංකීය ජාතියක් විදියට එක්වී අපිට අත්වී ඇති ඉරණමට මුහුණ දිය යුතුයි. මුස්ලිම් ද, දෙමළ ද, බෞද්ධ ද කියා කල්පනා කරන්න යන්න එපා. ත්‍රස්තවාදින් ගහනවා කියා ජනාධිපතිට බැන වදිමින් ගෙවල් ඇතුළට වෙලා ඉදලා බැහැ. අපි අවුරුදු 27ක් යුද්ධයට මුහුණ දුන් මිනිස්සු.

මේ ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි. මොකටද බෝම්බ තියාගත්තේ කියා මේ අටදෙනා දන්නේ නැතිව ඇති. මේක ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් විදියට දයාසිරි ජයසේකර විදියට මම දකිනවා.

ප්‍රේමදාස මහත්තයාගේ කාලේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් 12% ගත්ත පක්ෂයට පමණයි. 12% පස්සේ මේ 5% දක්වා අඩු කෙරුවා. කුඩා කුඩා පක්ෂ පාර්ලිමේන්තුවට එන්න පටන් ගත්තා. ප්‍රධාන පක්ෂ දෙකට ආණ්ඩු කරන්න බැහැ. හැම වෙලේම පොඩි පක්ෂ වලින් යැපෙන්න වුණා. ඔවුන් බලය තීරණය කරන මිනිස්සු බවට පත්වුණා. ඔවුන්ගේ අන්තවාදයට උඩගෙඩි දෙන්න ඒ ආණ්ඩුවලට සිද්ධවුණා. මම යෝජනා කරන්නේ මේ 5% සීමාව යළි 12 කට වැඩි කරන්න කියායි. මේ මිනිස්සුන්ට ප්‍රධාන පක්ෂ දෙකින් එකකට සම්බන්ධ වෙන්න කියන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. මිශ්‍ර පාසල් ඇති කරන්න අවශ්‍යයි. දෙමළ, සිංහල, මුස්ලිම් කියන නමින් දේශපාලන පක්ෂ තියෙන්න බැහැ. එක එකාට බයේ ආණ්ඩු කරන්න බැහැ. මේකට කොන්ද පණ තියෙන ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ සදහා ශක්තිය දෙන්න කියා ඉල්ලනවා.“ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.



One thought on ““පාස්කු ඉරිදා ප්‍රහාරය බටහිර ජාතීන් විසින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් .”

  1. HOORAY! Well done Mr Dayasiri Jayasekera.
    විමල් වීරවංශයි, දයාසිරි ජයසේකරයි වගේ අය එකතු උනොත් අපට මේ ව්‍යසනයෙන් ගැලවීමක් තියෙයි.
    Who else has got even a modicum of brain in this Parliament?

    “…..1983 මේ වගේ සිද්ධියකින් 13 දෙනෙක් මියගියා. අවුරුදු 27ක් යුද්ධ කරන්න සිදුවුණා. එහෙම වුණේ 1983 මේ වගේ සිද්ධියකින් 13 දෙනෙක් මියගියා. අවුරුදු 27ක් යුද්ධ කරන්න සිදුවුණා. එහෙම වුණේ ලංකාවම මිනිස්සු පාරට බැහැලා දෙමළ මිනිස්සු ඝාතනය කරන්න ගිනි තියන්න ගත් නිසයි. …..”

    මේකට සුලූ නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. ලංකාවෙම මිනිස්සු නෙවය්- අර කුලියාපිටිය සිද්දියෙදී දැක්ක වගේ 83 කළබල කලේ 99.999% ක්ම රස්තියාදු කාරයො ටිකක් තමයි. ඒ අය පිටිපස්සෙ දේශපාලන බලයක් තිබුන බවට‍ත් ඒ කාලෙ කතාවක් තිබුනා.

    “…….ගහයි කියලා බයට මුස්ලිම් සහෝදරවරු කඩු ටිකක් තියාගෙන ඉන්න ඇති. …”
    වෙන්න ඇති. ඒත් කලින් මේවා දැනන් හිටිය නිසානෙ කඩු කලින්ම ගෙන්න තියා ගත්තෙ?

    “…හම්බන්තොට වරාය චීනයට දීපු වෙලේ ඇමරිකාවත්, ඉන්දියාවත් අපි එක්ක විරුද්ධ වුණා…”
    හම්බන්තොට වරාය අපට වඩා චීනයට අවශ්‍ය වුන දෙයක්. සමහර විට යුද්දයට ආදාර කලාට හිලව්වටත් හොද හිතටත් වෙන්න ඇති.
    ඒත් මත්තල ගුවන් තොටුපළක් අපට ඇවසිද ? එපා කියද්දියි හැදූවෙ. සංචාරකයින්ට උඩින් එද්දි අලි බලන්න පුලුවන් කියලත් කිව්වා වගෙත් මතකයි .
    ගුවන් යානාවක් හදිසියේ බස්සන සමහර විටකත් තවත් සමහර අවස්ථා වලදිත් යානාවේ ඉන්දන මූදට dump කරනවා ලීටර දහස් ගනනින්. අලි වගේ සියුම් ශ්‍රවණ ඉන්ද්‍රියන් ඇති සතුන්ට මේ යානා වල ශබ්දය කොහොම බලපානවා ඇද්ද ? මහා ලොකුවට ඒ සතාව tourist brochures වල නම් ලෝකෙටම advertise කරනවා. ඒ අහිංසක සත්තු ප්ලාස්ටික් කුණු කාලා බ්ලේඩ් තල ගිලලා අපා දුක් විදලා මැරෙනවා. අලි මංකඩවල් අහුරලා උන්ගෙ කැලෑවල් දෙකඩ වෙන්න පාරවල් හදනව. ඔන්න අපේ කෙළෙහි ගුණ සැළකීම!
    නැගෙනහිර වෙරළ කියන්නේ pristine environment එකක් තිබෙන අපට අහිමිකර ගන්න බැරි කලාපයක්. හම්බන්තොට වරායට එන අබලන් වෙච්ච් තෙල් නැව් කැඩිල හරි, leak වෙලා හරි, තවත් නැවක ගැටිල හරි විශාල පාරිසරික විනාශයක් උනොත් මේ සේරම ඉවරය්. දැන් ඉතින් ගිය නුවනට කරන්න දෙයක් නෑ. හම්බන්තොට වරායට තෙල් නැව් ඒම තහනම් කරන නීති ගේන්න පාරිසරික විනාශ ගැන වැටහීමක් ඇති, කොන්ද පණ තියන ආන්ඩුවක් ඕන වෙනවා. ඒ වගේම ලෝකයේ වෙන දේවල්, විශේෂයෙන් දේශපාලන වටපිටාව ගැන දැනුවත් දේශපාලකයන් ඕනෑ.

    “…….ආසියාවේ බලය චීනයට ගියාම ආසියාවේ ඔවුන්ගේ බලය හීනවෙන බව ඔවුන් කල්පනා කළා. මේක අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රශ්නයක් මිස මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් නොවෙයි…..”
    ඉන්දියාව, ඇමෙරිකාව විතරක්‌ නෙවේ මේක පිටුපස්සේ ඉන්නෙ.

    “…..මේ සියලුම රටවල්වලට අරාබි වසන්නය කියා ගෙනාපු වැඩ පිළිවෙළ යටතේ සම්පූර්ණ රාජ්‍ය අකර්මණ්‍ය කරලා දැම්මා….”
    ඇමෙරිකාව පිටුපස්සේ ඉන්නෙ පැහැදිලිවම ඊශ්රායල ඔත්තු සේවා. ඊශ්රායලය දත් 32 මැද්දෙ දිව වගේ මුස්ලිම් රටවලට මායිම් වෙලා. ඉතින් ඒ රටවල් අස්ථාවර කරන්න මානබලනවා හැම තිස්සෙම – හැබැයි ගොඩක් වේලාවට ඇමෙරිකාව ඉස්සරහට දාල .
    ඔවුනට මේ අයිසිස් ත්‍රස්තයන් හදන්න හරි ලේසියි, මොකද 2 වන ලෝක සංග්‍රාමය කාලෙයි ඉන් පසුවයි අවට මුස්ලිම් රටවල ඒ දක්වා ජීවත් උන යුදෙව් ජාතිකයන්ගෙන් සමහර අය ඊශ්රායලයට සංක්‍රමනය උනා. මේ සමහර අයගෙ නෑයො තාමත් අර අවට මුස්ලිම් රටවල ජීවත් වෙනවා. මේ කලාපෙ හැමෝම පෙනුමෙනුත් සමානයි. මුස්ලිම් රටවල අයට පෙනුමෙනුත් සමාන, ඒ භාෂා සංස්කෘතීන් දන්න අය තමන්ගෙ රටේ ඉද්දි ඊශ්රායලයට කොච්චර පහසුද කියල හිතන්න ඔය මුස්ලිම් රටවල තියන ආගමික කල්ලි infiltrate කරන්න. අර ඌරගේ පිටේම තියල උගේම මස් කපනවා වගේ වැඩක්. අරාබි වසන්තය පහසු උනේ ඔය හින්දයි. දැනට ඊශ්රායලයයි ඇමෙරිකාවයි සෞදි අරාබිය එක්ක සහයෝගෙන් අනික් මුස්ලිම් රටවල් අස්ථාවර කලත් දවසක සෞදි අරාබියටත් වැඩක් දෙනවා දෙනවාමයි.

    ඉතින් ලංකාවට කරපු plan එක නෂ්ටප්‍රාප්ත කරන්න නම් මුස්ලිම් ජනයා විශේෂයෙන් මේ ඊශ්රායල සම්බන්දය දැනගත යුතුයි.

    හොදම දේ තමයි මේ plan එකේ මේ දක්වා සංදිස්ථාන එකින් එක ඊතල වලින් සම්බන්ද වන පෙට්ටි රූප සටහනකින් (hierarchical diagram) පත්තරයක ලොකු පිටුවක් පුරා සටහන් කිරීම. තානාපති කාර්යාල වල කෙරුන regime change කුමන්ත්‍රන සිට දිගන කලබල අස්සේ හොර රහසේ සම්මත කරගත් පනත් සහ එළිපිටම අනෙකුත් වෙනස් කරගත් ආන්ඩූක්‍රම ව්‍යවස්ථා මේ plan එකට සංබන්ද වෙන හැටි (උදා : පොලිස් ලොක්කා ඉවත්‍ කිරීමේ බලතල, ඒ හරහා බැදුන බූද්ධි අංශ දඩයම වැනි අනෙකුත් දේ, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සහ ඒ හා බැදුන තවත් කළඑළියට ඒමට ඇති පනත් සහ ප්‍රතිත්‍රස්ත පනතින් අවසානයේ ලංකාවේ සියලුම මිනිසුන් භීෂනයෙන් යටපත් කර ගන්නා සැටි etc. )
    ලංකාවේ 2006-2009 ඇමරිකානු තානාපති වෙලා හිටපු රොබට් බ්ලේක් අපට කියනවලු 9/11 වලින් ඇමරිකාව ඉගෙනගත් පාඩම් අපටත් ඉගෙනගන්න කියලා. indeed we should.
    9/11 වලට පස්සෙ ඇමරිකාවෙ ගෙනාපු ප්‍රතිත්‍රස්ත පනතින් ඒ පුරවැසියන්ගේ කටවල් වහල තියෙන හැටි ගැනත්, 9/11 ගැන අප මෙතෙක් නොදැන සිටි නමුත් දැනගත යුතු පුදුම සහගත දේත් මෙතැනින් බලන්න-> “Did you know a 3rd Tower Fell on 9/11? you tube clip -> https://www.youtube.com/watch?v=VBz2n0aUHNE සහ https://www.ae911truth.org/).

    දැන් මෙහෙම පෙට්ටි රූප සටහනකින් දැක්ක පමනින් (just by eye balling) සාමාන්‍ය ජනතාවට තේරුම් යාවි වෙලා තියන දේත් වෙන්න යන දේත්. ලොකු දේශපාලන විස්තර වලට වඩා මේ වගේ දෙයක් ගොඩක් effective වේවි. කියමනක් තියනවානේ a picture is worth a thousand words කියල.

    ඒ වගේම අවධාරණය කල යුතු දෙයක් තමයි පාර්ලිමේන්තූ පක්ෂයේ වැඩි දෙනෙක් මේ පනත් වලට සහය දෙද්දි මේ plan ගැන දැන නොසිටියා වෙන්න ඇති කියලා. උදාහරණයක් විදියට බූද්ධි අංශ දඩයම ඒ අය දකින්න ඇත්තෙ තමන් පස්සෙ එන්න තියන සුදු වෑන් නතර වීමක් කියල. ඒත්‍ හොද උගත් කමක් තියන කපටි අවස්ථාවාදී චම්පික රණවක වගේ අයට නොතේරෙන්න විදියක් නෑ.

    හැබැයි සංසන්දනයට ලේසි වෙන්න ඉරාකයට උන දේත් මේ වගේම ඊතල-පෙට්ටි රූප සටහනකින් පත්තරයෙ ඊළග පිටුවේ දාන්න ඕන. විශේෂයෙන් ඒ අස්ථාවර රටවල රූකඩ ආන්ඩු, නොනවතින අබ්යන්තර ගැටුම්, හැමදේම තිබුන, තවමත් තෙල් සල්ලි උතුරන රටේ මිනිස්සු දැන් පාරවල විදින දුක.

    සිංහලෙන් වගේම දෙමළ භාෂා වලින් මේ වගේ ලිපියක් ලියවූනොත් රටටම යහපතක් වේවි. මේ ලිපිය සැකිල්ලක් වගේ අරගන අඩු තැන් පුරවලා ඒ මහගු කටයුත්ත lankaleadnews වෙතින් කෙරෙයි කියා බලාපොරොත්තු වෙනවා.

    ජනතාව දැනැගෙන ඉන්න ඕන තවත් දෙයක් තමයි මේ අධිරාජ්‍යවාදීන්ගේ අනික් ගැට.
    කාදිනල් තුමාට නොබෙල් තෑග්ගක් ගැන පාර්ලිමේන්තුවේ කතා කලා කියල දැන ගන්න ලැබුන. කාදිනල් තුමා අප දේශයේ අතිජාත පුත්‍රයෙක්. හැබැයි මේ වගේ වෙලාවක එන තෑගි නම් ගැට. දුන්නත් හැබැයි දැන්ම දෙන එකක් නෑ මොකද තව අවුලූවන්න තියන නිසා. අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණය හරි ගියාට පස්සෙ ජනතාව සංසිදුවන්න කාදිනල් තුමා පාවිච්චි කරගන්න පුලුවන් උනොත් නම් Nobel Peace Prize එක දේවි.
    කාදිනල් තුමාට පාර්ලිමේන්තුවට එන්න කියන අයත් ඉන්නවා. එතුමාට ඊට වැඩි දෙයක් පාර්ලිමේන්තුවෙන් එලියේ කරන්න පුළුවන් ලේබල් ගහගන්නේ නැතිව.

    Times Magazine එකේ මුල් පිටුවේ පින්තූරේ දාල “මට තව කොච්චර දේ මේ රටට කරන්න පුලුවන්ද ” කියල හිතවල ටිකක් පුම්බා තියන උගුල අටවන එකයි, Nobel Peace Prize එකයි අපේ ආසියානු/අප්‍රිකානු කලාප වල රටවල අයට අටවන උගුල් සමහරක් තමයි -විශේෂයෙන්ම රටට හිතවත්, වෙනත් ක්‍රම වලින් බාගන්න බැරි අයව. දැන් හැබැයි මියන්මාරයේ aung san suu kyi ගෙ නොබෙල් තෑග්ග ආපහු ගන්න කියල කට්ටිය කියනවලු. දැනටම සමහර දීපු ඒවා 7 ක් ආපහු අරගෙන! මානව හිමිකම් අයත් (Amnesty International) ඒ අයගේ award එක අරගන්න යනව. තව එන්ගලන්තයේ Freedom of Edinburgh award අහිමි වෙන්න යනවලු. ඇයි අපට මේ විස්තර වැදගත්? රටවල් අස්ථාවර කරන සමහර නොපෙනෙන ජාත්‍යන්තර බලවේග අදුන ගන්න ලේසිම විදියක් නිසා.
    (රනිල්ට නම් සමහර විට Knight නාමයක් ලයින් එකේ ඇති:-)

    මානව හිමිකම් ගැන කියන කොට මතක් වෙන්නෙ – අනේ අර අපේ පුවත්පත් කලාවේදියෝ වගයක් ලගදි ලංකාවේ මානව හිමිකම් කොමිසමට ගියා නේද පුවත් වාරණය ගැන කියන්න? අනේ ඇත්තට. “හොරාගේ අම්ම ගෙන්…..” වගේනෙ. කවද්ද අපි “ගේ ඇතුලෙ ගිනි පිටට දීම ” ගැන පාඩම් ඉගෙන ගන්නෙ? ඕනැම දෙයක් ගැන වමාරන්න බලු නගුට්ටො වගේ පිටරට දුවන එක නවත්තන්නෙ ?
    ඒ අයට කරන්න තිබුනේ පුවත් වාරණය ගැන කට ඇරියේ නෑ, බුද්ධි අංශ දඩයම් කරවලා මේ ව්‍යාසනය උදා කලා කියලා උන්ව එළවන්න හොද හර්තාලයක්.

    “….මම යෝජනා කරන්නේ මේ 5% සීමාව යළි 12 කට වැඩි කරන්න කියායි. මේ මිනිස්සුන්ට ප්‍රධාන පක්ෂ දෙකින් එකකට සම්බන්ධ වෙන්න කියන්න…”
    ඒක නම් කල යුතුම දෙයක්. ජේ ආර් ගෙ සමානුපාතික ක්‍රමය නියම සංහිදියාවට බාදාවක්. පේනවනේ විල්පත්තුවට “පිට රටින්” ගේන චන්ද !

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More