දේශීය පුවත්

“මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා. එවැනි තත්වයක් තුළ කවුරුහරි කියනවා නම් මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ රටේ සිටිය යුතු පුද්ගලයකු නොවේ” යැයි කල්‍යානී සාමග්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණෝ පැවසූහ.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ප‍්‍රමුඛ නියෝජිතයන් පිරිසක් නාහිමියන් වැඩ සිටින පන්නිපිටිය රුක්මලේ ධර්ම විජයාශ‍්‍රම විහාරයට පැමිණ වෙසක් වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කර ආශිර්වාද ලබා ගත්හ.

එහිදී කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණෝ මෙසේ ද පැවසුහ.

‘අද දරුවන්ව පාසල්වලට එවන්න දෙමාපියන් බියක් දක්වනවා ඔවුන්ගේ බිය සාධාරණයි එම බිය නැති කිරීමට නම් කළ යුත්තේ රටේ මැති ඇමැතිවරු ඔක්කොම හැම ප‍්‍රධාන නගරයකම තියෙන පාසල් ලගට ගිහිල්ල පැය කිහිපයක් එහි ගත කරන්න උවමනායි. එය අද හෙටම විය යුතුයි. මේ රටේ මැති ඇමැතිවරයෙක්ම රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ආපු අය. ඒ අයට ඇත්තටම හිතෙනවා නම් අපි රට ආරක්ෂා කරන්න ඕනෙ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ කියලා මේ දරුවන්ගේ බිය සැක නැති කරන්න පාසල් ළඟට ගිහින් ඉන්න බැරි කමක් තියෙන්න විදිහක් නෑ.’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ එම පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගී වුහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More