පුරවැසි කොලම

ෂමින්ද්‍ර පර්ඩිනැන්ඩෝ

කථානායක කරු ජයසූරියගේ මාධ්‍ය අංශයෙන් 2019 මැයි 06 කෙටි ප‍්‍රවෘත්ති නිවේදනයක් මෙම ලියුම්කරුට ලැබිණි. චමින්ද ගමගේ විසින් ඒවා තිබූ එම නිවේදනය ශ‍්‍රී ලංකාවේ සියලූම ප‍්‍රධාන පුවත්පත් රූපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි සේවාවලට ලැබෙන්නට ඇත. එම නිවේදනය මෙසේය.

,පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (2019.05.06) ප.ව 2.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්්විණී. මෙහිදී 2019.05.07 සහ 08 දින දෙකෙහි රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිිළිබඳව කරුණු විවාදයට ගැනීමට තීරණය විය. මෙහිදී කථානායකවරයා සියලූ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේදී අතිශය වැදගත් සහ කාලෝචිත පියවර පාර්ලිමේන්තුව තුළින් ගත යුතුව තිබෙන බැවින් එකිනෙකා කෙරෙහි අවලාද නොනඟා වගකීමෙන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත‍්‍රීවරුන් දැනුවත් කරන ලෙසයි.,

මෙවැනි ඉල්ලීමක් කථානායකවරයා පක්ෂ නායකයන්ගෙන් කිරීමේ කිසිදු වරදක් නැත. එතුමාට පාර්ලිමේන්තුව හැසිරවීමේ පූර්ණ බලය ඇත. නමුත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ නායක දෙපළම 2019 අපේ‍්‍රල් 21 දින මුස්ලිම් ත‍්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවට වගකිීම භාරගෙන ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් 30 න් සමන්විත කැබිනට් මණ්ඩලයේ නායකයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනය. අගමැති එජාප නායක සහ 29 සමන්විත එජාපයෙන් තරග කළ /පත්කළ ඇමැතිවරුන්ගේ නායකයා ය. එවැනි තත්ත්වයක් යටතේ කථානායකවරයා පවසන පරිදි එකිනෙකා කෙරෙහි අවලාද නොනඟා වගකීමෙන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත‍්‍රීවරුන් දැනුවත් කරන ලෙස පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටීම කෙතරම් සාධාරණද?

වගකීමෙන් කටයුතු නොකිරීම හේතුවෙන් මිනිස් ජීවිත 260 ක් පමණ ත‍්‍රස්තවාදීන්ට බිලිදුන් 500 කට තුවාල සිදුකළ ජාතික ආර්ථිකය නැත්තමට නැතිකළ බලයේ සිටින එජාපය ප‍්‍රමුඛ රජය අපේ‍්‍රල් 21 දින සිදුවූ මහා විනාශයට වගකීම ගත යුතුය. එලෙසම මුස්ලිම් ත‍්‍රස්තවාදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයද වගකිව යුතුය. එම අවලාදයෙන් ගැලවීමට 2005-2015 පාලනයට කිසි ලෙසකින්වත් නොහැක.

කථානායකවරයාට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් අපේ‍්‍රල් 21 දින සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පිළිබඳව පැවැත්වෙන දෙදින විවාදයට වගකීමෙන් කටයුතු කිරීමටය. මෙහිදී අප විමසා බැලිය යුත්තේ මන්ත‍්‍රීවරුන් 225 සමන්විත අප පාර්ලිමේන්තුවේ සාමාජිකයන් කෙතරම් දුරට වගකීමෙන් කටයුතු කර තිබෙනවාද, තම වගකීම ඉටුනොකරන මහජන නියෝජිතයන් නිවැරදි මාර්ගයට ගෙන ඒමට යම් ක‍්‍රියාමාර්ගයක් තිබෙනවාද? පාර්ලිමේන්තුව අප රටේ උත්තරීතරම ආයතනය ලෙස තම වගකීම ඉටුකර තිබේද?

සුමන්තිරම් 2

පසුගිය අප්‍රේල් 26 දින ජනාධිපති මන්දිරයේ ජනාධිපති සිරිසේන මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් හමුවිය. ජනාධිපතිවරයා එම අවස්ථාවේදී රජය අප්‍රේල් 21 ප‍්‍රහාරයෙන් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කළේය. මාධ්‍ය හමුව අවසානයේ ජනාධිපතිවරයාගෙන් එතුමා මුහුණ දෙන අභියෝග පිළිබඳව විමසීමක් කිරීමට ලියුම්කරුට අවස්ථාවක් ලැබිණ. මහජන නියෝජිතයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳව බරපතළ ගැටලූකාරි තත්ත්වයක් ඇතිවී තිබෙන මෙම මොහොතේ ලියුම්කරු ජනාධිපතිවරයාගෙන්, එතුමා මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් කළ විමසීම ජනතාවට ඉදිරිපත් කිරීම කාලෝචිතය. 2015 ජනවාරි බලයට පැමිණි ජනාධිපති සිරිසේන මුහුණදුන් බරපතළ ප‍්‍රශ්නය මහ බැංකු වංචාවද? එසේත් නැත්නම් පාස්කු ඉරිදා සංහාරයද?

2015 පෙබරවාරි සහ 2016 මාර්තුවල සිදුකළ මහ බැංකු වංචා හේතුවෙන් එලෙසම පාස්කු සංහාරය ජාතික ආර්ථිකයට සහ බලයේ සිටින එජාපය සහ ශ‍්‍රීලනිපයට කළ හානිය සුළු පටු නොවේ. 2018 ඔක්තෝබර් 26 දින දක්වා ශ‍්‍රීලනිප එජාපය සමග හවුල් රජයක් හරහා රට පාලනය කළ බව අමතක නොකරන්න. කථානායක ජයසූරිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පක්ෂ නායකයන්ට අවධාරණය කර ඇති මෙම අවස්ථාවේ, පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධයෙන් විමසා බලමු. අප්‍රේල් 21 එල්ල කළ බිහිසුණු ප‍්‍රහාරයෙන් පසුව පැවැත්වූ උත්සවයකදී මහජන නියෝජිතයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳව බරපතළ ලෙස සාකච්ඡාවට ගතයුතු ප‍්‍රකාශයක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප‍්‍රධානියකු වන යාපනයේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් කළේය. අනින්දා පුවත්පතට වසරක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති පැය තුනක වැඩසටහනේදී සුමන්තිරන් 2020 එහා ශ‍්‍රී ලංකාව යන මාතෘකාව යටතේ කළ ප‍්‍රකාශය පුදුම සහගතය. සුමන්තිරන් කළ ප‍්‍රකාශය අදටත් කිසිදු සිංහල මාධ්‍යයක පළවූයේ නැත. The Island හැර අනෙකුත් මාධ්‍යවල එම ප‍්‍රකාශයට ඉඩක් ලබාදුන්නේද නැත. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පියල් නිශාන්ත අපේ‍්‍රල් 26 දින සයින්දමරුදු ප‍්‍රදේශයේ හමුදා සෙබළුන් 11 මුස්ලිම් ත‍්‍රස්තවාදීන් මරා දැමීම සම්බන්ධයෙන් කළ සාවද්‍ය ප‍්‍රකාශය හේතුවෙන් එම මහජන නියෝජිතයාව රහස් පොලිසියට කැඳවිය. පියල් නිශාන්ත අපේ‍්‍රල් 26 රාත‍්‍රි ස්වර්ණවාහිනියේ පැවැති සජීවි වැඩසටහනකදී ප‍්‍රකාශ කළේ වසර 30 ක ත‍්‍රස්තවාදය අවසන් කිරීමට සටන් කළ විරෝදාර සෙබළුන් සයින්දමරුදු ප‍්‍රදේශයේදී ජීවිත පූජා කළ බවය. මුදල් ඇමැති මංගල සමරවීර මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළේය. පියල් නිශාන්ත රහස් පොලිසියට මැයි 06 කටඋත්තරයක් ලබා දුන්නේය. පැය 5ක පමණ රහස් පොලිසියේ සිටි මන්ත‍්‍රිවරයා පසුව මාධ්‍යයට පැවසුවේ තමන් එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ආශූ මාරසිංහ ලබාදුන් හමුදා භටයන් 11 මරා දැමීම සම්බන්ධ තොරතුර විශ්වාසයෙන් ප‍්‍රකාශ කළ බවයි. මාරසිංහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස රාජපක්‍ෂ රජය සමයේ කටයුතු කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පත්වීමක් ලබාදුන් නිසාය. පියල් නිශාන්ත මන්තී‍්‍රවරයා බරපතළ වරදක් කර ඇත. සහෝදර මන්ත‍්‍රීවරයෙකු පැවසූ පමණින් සජීවී වැඩසටහනකදී එවැනි බරපතළ ප‍්‍රකාශයක් ඔහුට කිසි ලෙසකින්වත් නොකළ යුතුව තිබිණි. මාරසිංහ මන්ත‍්‍රීවරයා පියල් නිශාන්තට ලණුවක් දුන්නාද? එසේත් නැතිනම් තමන් හට ලැබුණූ තොරතුරක නිවැරදිතාවය තහවුරු කර නොගෙන එම තොරතුර සහෝදර මහජන නියෝජිතයකුට ලබා දුන්නාද?

සුමන්තිරම්

අපේ‍්‍රල් 26 දින රටේ පැවැති අනාරක්ෂිත තත්ත්වය තුළ හමුදා සෙබළුන් 11 ක් ජාතික තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදීන් විසින් මරා දැමීම පවතින අර්බුධය තිව‍්‍ර කිරීමට තිබිණි. සමාජ මාධ්‍ය ජාල අකර්මන්‍ය කිරීමේ කිසිදු තේරුමක් නැත. මහජන නියෝජිතයෝ කිසිදු වගකීමකින් තොරව ප‍්‍රකාශ කරති. පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා රහස් පොලිසියෙන් එළියට පැමිණ මාධ්‍යයට සැහැල්ලූවෙන් පිළිතුරු ලබාදෙන ආකාරය පුදුමයකි. තමන්ව ආශූ මාරසිංහට අමාරුවේ දැමීමට අවශ්‍යතාවක් නැති බව ඔහු පවසයි. එම ප‍්‍රකාශය සිනාමුසු මුහුණින් කර මාධ්‍යයෙන් ඉවත්වී යන ආකාරය අප රටේ පාර්ලිමේන්තුවේ තත්ත්වය පිළිබිඹු කරයි. පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය නීතිය ක‍්‍රියාත්මක කළ ආකාරය සලකා බැලිය යුත්තේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා අපේ‍්‍රල් 21 දින එල්ල කර ප‍්‍රහාර මාලාව ප‍්‍රසිද්ධියේ සාධාරණය කළ තත්ත්වය තුළය. වසර 30 ක ද්‍රවිඩ ප‍්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා නොදීම එලෙසම ප‍්‍රශ්න විසඳීමට කටයුතු නොකළ බව මතක් වන්නේ මෙවැනි ප‍්‍රහාර (පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව) සිදුවන බව පවසා සිටියේය. ඉංග‍්‍රීසි භාෂාවෙන් කථාකළ නීතිඥ වරයා පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකාවේ එකට ජීවත් වීමට නම් අත්‍යවශ්‍යයෙන්ම නිශ්චිත මූලික වටිනාකම් සම්බන්ධයෙන් එකගතාවක් ඇතිකර ගත යුතු බව පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පෙන්නුම් කරනවා. ද්‍රවිඩ ජනතාව ඇතුළු ජන කොටස් සහ රජය අතර සමාජ සම්මුතියක් නොමැති බවත් ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ප‍්‍රජාව තවමත් එක රටක් තුළ ජීවත් වීමට එකග වී නැති බවත් පැවැසීය. – සුමන්තිරන් මන්ත‍්‍රිවරයා කිිසිදු අපහසුතාවකින් තොරව පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම නිදහසින් පසු පැවැති රජයන් මත පැටවිය. පවතින එජාප රජය පටන්ගත් ව්‍යවස්ථාව වෙනස් කරන ක‍්‍රියාවලිය අතරමග ඇන හිටිමේ හේතුව නිසා මෙවැනි තත්ත්වයක් උදාවූ බව පෙන්වා දුන්නේය. සාමානාත්මතාවය ඇතඑ මූලික වටිනාකම් සම්බන්ධයෙන් එකගතාවක් ඇති නොවුණ හොත් ජනතාව විනාශයි. ජනතාව විනාශ වේවි. එහෙම වුණොත් අපිට අනිද්දාවත් නැහැ. හෙටක්වත් නැහැ.

සුමන්තිරන් ,ජැස්මින්, ශාලාවේ තිබූ සම්මන්ත‍්‍රණය ඇමතුවේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම සභාව ඇමතුවාට පසුවය. සුමන්තිරන්ට පසුව නීතිඥ ජාවිඞ් යුසුප් ර්‍ණ ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ සහ සිනමාතරු අසෝක හඳගම සභාව ඇමැතීය. ඔවුන් කිසිදු ආකාරයකින් ත‍්‍රස්තවාදීන් කල අපරාධය සාධාරණකරනය කළේ නැත. සවුදි අරාබියේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයකු වූ යුසුප් මුස්ලිම් ප‍්‍රජාව කිසිදු ආකාරයකින් මෙම ක‍්‍රියා අනුමත නොකරන බව පැවැසීය. ඔහුගේ ස්ථාවරය අගය කළ යුතුය.

මෙම ලියුම්කරු මෙම අවස්ථාව සහභාගි විය. අනින්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන උත්සව සභාව ආරම්භයේදී කෙටි දෙසුම් කිරීමට නියමිතව සිටි හය දෙනාගෙන් ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පාදක කරගෙන තම අදහස් ඉදිරිපත් කරන ලෙසය. ජනරංජන කිසි ලෙසකින්වත් එම අපරාධය කථිකයන් කිසිදු ආකාරයකින් සාධාරණය කරනවායැයි සිතන්නට නැත.

සුමන්තිරන් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයෙන් පසුව පැමිණි සිටි අමුත්තන් බොහෝ දෙනකු අත්පුඩි ගසමින් ඔහුට ප‍්‍රසංශා කළහ. සභාවේ සිටිය අමුත්තන් අතර කථානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, පූජ්‍ය දඹර අමිල හිමි, ඇමැති මනෝෂන් ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, හිටපු මන්ත‍්‍රී ලාල් කාන්ත, මහාචාර්ය කාලෝ පොන්සේකා, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජාතික ක‍්‍රියාකාරිත්වය (පැපරල්) රෝහණ හෙට්ටිආරච්චි, චිචාරක ගාමිණි වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් කටයුතු කරන කොමිෂන් සභාවේ නිමල්කා පනැන්ඩු, බි‍්‍රටෝ පැනැන්ඩු, ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියද, ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ශාන් විජේතුංග, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ, නාලක කළුවැල්ල,මුදල් අමාත්‍යාංශයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ද විය.

සුමන්තිරන් කළ පිළිකුල් කළ යුතු කථාව ට සභාව කෙලෙස අත්පුඞ් ගසමින් ප‍්‍රතිචාර දැක්වූවාදැයි සිතා ගැනීමට බැරිය. මෙවැනි අශීලාචාර ප‍්‍රකාශයක් කිරීම ජනාධිපති නීතිඥයකුට කිසිසේත් සුදුසු නොවේ. කථානායක ජයසූරිය සුමන්තිරන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් යම්කිසි අදහස් දැක්වීමක් පාර්ලිමේන්තුවේ කළ යුතුය. කළ යුතුමය. එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය බාරගැනීමට වූවත් තමන් සූදානම් බව නුවරදී ප‍්‍රකාශ කළ එතුමාට මිනිස් ජීවිත 260 බිලිගත් 500 තුවාල සිදුකළ ජාතික ආර්ථිකයට මරු පහරක් එල්ල කිරීම සාධාරණීකරණය කළ මන්ත‍්‍රීවරයකු සම්බන්ධයෙන් නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක.

මානව හිමිකම් කොමිෂන් සභාවේ උඩුගම මැතිනියට සුමන්තිරන්ගේ ප‍්‍රකාශය පිළිබඳ ව කතා නොකර සිටිය හැකිද? ජනාධිපති සිරිසේන මෑතකදී පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයක් පවා අභියෝගයට ලක් කිරීමට නිර්භිත වූ ආචාර්ය උඩුගමට මෙම අවස්ථාවේදී නිහඬව සිටිය හැකිද?

ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පිට්ටනිය සිසාරා පහර දෙන දේශපි‍්‍රය මෙම අවස්ථාවේ කුමන ක‍්‍රියාමාර්ගයක් ගනීද?

මානව හිමිකම් වෙනුවෙන් කඳුළු සලන රාජ්‍ය නොවන සංවිධාන එසේත් නැතහොත් සිවිල් සංවිධාන පාස්කු ඉරිදා සංහාරය සම්බන්ධයෙන් සුමන්තිරන් පළකළ අදහස් පිළිගන්නවාද?

සුමන්තිරන්ගේ ප‍්‍රකාශය ත‍්‍රස්තවාදීන් බෝම්බ පුපුරුවා කළ අපරාධය සමග සැසඳිය හැක.

කතෝලික ජනතාවගේ නායක මැල්කම් කාදිනල් රංජිත් සුමන්තිරන්ගේ ප‍්‍රකාශ පිළිබඳ තවමත් අදහසක් ප‍්‍රකාශ කර නැත.

සුමන්තිරන් පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ 2010 අපේ‍්‍රල් මහා මැතිවරණයෙන් පසුවය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ සුමන්තිරන් 2015 අගෝස්තු මහා මැතිවරණයේදී යාපනයට තරග කළේය. මන්ත‍්‍රීවරයකු ලෙස පත්වූ ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නිල ප‍්‍රකාශකයා බවට පත්විය.

සුමන්තිරන් එම සන්ධානයට එකතු වීමට පෙර කොටි ත‍්‍රස්තවාදීන් සහ ආර්. සම්බන්ධන්ගේ කණ්ඩායම එක අරමුණක් වෙනුවෙන් කටයුතු කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානය 2001 අගදී කොටි ත‍්‍රස්තවාදීන් ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස නම් කළේය. එම ගරු නාමය 2009 මැයි 19 දක්වාම ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් වෙන් විය. 2005 නොවැම්බර් මසදී ජනාධිපතිවරණයට ඡන්දය දීම උතුරේ ජනතාවට කොටි ත‍්‍රස්තවාදීන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානය තහනම් කළේය. පාර්ලිමේන්තුව නිදාගෙන සිටියේය. කොටි ත‍්‍රස්තවාදීන් කළ සියලූ අපරාධ ද්‍රවිඩ ජාතික සන්ධානය අනුමත කළේය. එම නිහිීන ක‍්‍රියාව මුස්ලිම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සාධාරණය කිරීම දක්වා පසුගියදා දීර්ඝ කර ඇත. මෙවැනි තත්ත්වයක් තුළ නිසි ක‍්‍රියාමර්ග නොගන්නා පාර්ලිමේන්තුවක් කුමකටද?

නීතිඥ ජාවඞ් යුසුප් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් සඳහන් කළ යුතුය. පාස්කු දින ප‍්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායම නියෝජනය කරන්නේ මුස්ලිම් ජනතාවගේ පොදු මතය නොවෙයි. ඔවුන්ගේ ත‍්‍රස්ත ක‍්‍රියාව මුස්ලිම් ජනතාවගේ දුක් ගැනවිලි මත පදනම් වූ ක‍්‍රියාවක් නොවෙයි. අඩු තරමින් ලංකාවේ මුස්ලිම් ජනතාවට තිබෙනවායැයි මවාගත් ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් ලෙසවත් මෙම ත‍්‍රස්තවාදී ක‍්‍රියාව අර්ථකථනය කළ නොහැකියි. මෙම ප‍්‍රහාර මාලාව සහ මුස්ලිම් ජනතාවගේ දුක් ගැනවිලි අතර කිසිදු සම්බන්ධයක් ගොඩ නැගීමට හැකියාවක් නැත. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් යුසුප් රජයට දොස් පැවරීය.

සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පෙන්වා දුන් කරුණ ඉතාම වැදගත්ය. තමන්ගේම දරු මල්ලන් සිටින තැන්වල බෝම්බ පුපුරුවා ගන්නා මනස විකෘති වූ මිනිසුන් ලෙස පාස්කු ප‍්‍රහාරයත් හැඳින්වීමට ඔහු නිර්භීතව ඉදිරිපත් විය. සුමන්තිරන්ට යුසුප් අපුරු පිළිතුරක් ලබා දුන් බව අනිවාර්යයෙන් කාට නොතේරුණත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශකයාට අනිවාර්යයෙන් පැහැදිලි වන්නට ඇත. පාර්ලිමේන්තුව කළ යුතු කාර්ය සිවිල් සමාජයේ ක‍්‍රියාකාරිකයකුගෙන් වීම පිළිබඳව ජනතාව සතුටු විය යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More