දේශීය පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙවීගිය වසර දෙකක කාලය තුළ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවමින් ඉතා විශාල සේවක පිරිසක් බඳවාගෙන ඇතැයි වාර්තා වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 1885 කි. එහෙත් මේ වනවිට තවත් 815 දෙනෙකු සේවයට බඳවාගෙන ඇති අතර ඒ අනුව දැනට එහි සංඛ්‍යාව 2700ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂත්වය වන්නේ මෙලෙෂ බඳවා ගෙන ඇති සියළුදෙනා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් වීමය. කෙසේ වෙතත් මෙම කරුණු සැගවීම සඳහා ඔවුන් සිය නියම ලිපිනයන් වෙනුවට දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල ව්‍යාජ ලිපිනයන් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.
මෙලෙස සීමාවද ඉක්මවා බදවාගත්ත වූවන්ගෙන් ඇතැමෙකු සාමාන්‍ය පෙළ හෝ සමත් වූවෝ නොවෙති. කෙසේවෙතත් දිනකට ඔවුන්ට රුපියල් පන්සීයක් 500 වැටුපක් ගෙවනු ලබන අතර උපාධිධාරින්ට රුපියල් දහසක 1000 වැටුපක්ද ගෙවීමට කටයුතු කර ඇත.
මෙලෙස අනුමත සේවක සංඛ්‍යාවට පිටින් බඳවා ගෙන ඇති ඇතැමෙකුගේ සේවා ස්ථානය කොළඹ ප‍්‍රධාන කාර්යාලය වුවද ඔවුන් මෙතෙක් එහි රාජකාරියට වාර්තාකොට නැත. එහෙත් ඔවුනට නියමිත වැටුප ගෙවනු ලබන අතර ඔවුන් විෂය භාර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ හම්බන්තොට දේශපාලන කටයුතු වලට යොදවා ඇතැයි දැනගන්නට ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More