දේශීය පුවත්

රටේ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ශක්තිය හා හැකියාව පවතින නිසා විදේශීය හමුදාවක සහය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මේ රටේ විශාල පිරිසක් උදා වී ඇති තත්ත්වය සමථයකට පත්කිරීමට විදේශීය හමුදාවක සහය ඉල්ලා සිටිය යුතු බවට යෝජනා කරන නමුත් තමන් ඊට එක`ග නොවන බවයි.

මේ ප‍්‍රශ්නය විසදීමට විදේශීය හමුදාවක් අවශ්‍ය බව කියන පිරිස අතර දේශපාලනඥයින්ද සිටින බව පෙන්වා දෙන ඩග්ලස් දේවානන්දා මන්ත‍්‍රීවරයා මේ අවස්ථාවේදී එවැන්නක් සිදුවුවහොත් වෙනත් අනිටු විපාකවලට මුහුණ දීමට සිදුවන බවද පෙන්වා දෙයි.

රටේ ජාතීන් හා ආගම් පිළිබදව ඒ ඒ සංස්කෘතීන් පිළිබඳවද විශාල අවබෝධයක් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ඇති නිසා ඔවුන් ලවාම මේ ප‍්‍රශ්නය විසදා ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මේ වන විට ඇති වූ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් බොහෝ දුරට මර්දනය කොට ඇති බව කී ඩග්ලස් දේවානන්දා මහතා ත‍්‍රස්ත මර්දන පනත පිළිබඳව තමන් මේ අවස්ථාවේදී යමක් ප‍්‍රකාශ නොකරන බවද කියා සිටියේය.

කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තමන් අනුමත නොකරන බවද ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More