විදේශ පුවත්

පාස්කු ප‍්‍රහාරයෙන් පසු යළි කරලියට පැමිණි අබු බකර් අල් බග්ඩාඩි ගේ අයිසිස් සංවිධානය දැන් ඉන්දියාව දෙසට හැරී ඇත. ඔවුන් පසුගිය 10 වැනිදා ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයේ ”Wilayah of Hind˜” නම් ප‍්‍රාන්තය පිහිටුවා ඇති බවයි. ඔවුන්ගේ අමාක් පුවත් සේවාව හරහා මෙම නිවේදනය සිදුකර ඇත. ලංකාවේ ප‍්‍රහාරය පිළිබඳ වගකීම බාරගනු ලැබුවේද අමාක් පුවත් සේවා හරහා සිදුකළ නිවේදනයකිනි. සිරියාවේ වහාබ් ත‍්‍රස්තවාදය දැන් කටුවාපිටියටත් පැමිණ ඇති නිසා අසල්වැසි ඉන්දියාවේ ‘‘විලායහ් ඔෆ් හින්ද්”ගැන අවදියෙන් සිටිය යුතු නොවේද? මෙය සැබවින්ම සුළුකොට තැකිය යුතු හෝ නොසලකා හැරිය යුතු දෙයක් නොවේ. කාලයක් තිස්සේ සහරාන් හෂීම් ගේ වහාබ් අන්තවාදී ක‍්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ විසින් දේශපාලන බලධාරින් දැනුවත් කර තිබුණද බෝම්බකරුවෝ රටම මළගෙයක් කරන තුරු ඔවුහු සංහිඳියාව පැතිරවුහ.

p15 2 ඉන්දු කාශ්මීරයේ ෂොපියාන් දිස්ත‍්‍රික්කයේ අම්ෂිපෝරා නගරයේදී මුස්ලිම් සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයෙක් මියගොස් තවත් අය තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත. ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මේ ප‍්‍රහාරයෙන් පසුව තම නව ප‍්‍රාන්තය ගැන ඔවුනගේ නිවේදනය පළවී තිබිණ. අයිසිස් සංවිධානය ගැන නිරන්තරව නිරීක්ෂණයේ යෙදෙන සයිට් බුද්ධි ඒකකය ප‍්‍රකාශ කරන්නේ අයිසිස් සංවිධානයට ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ප‍්‍රකාශයට පත්කීරීම තරමක් විහිළුවක් වුවත් මෙය සුළුකොට තැකිය යුතු නැති බවයි. කාශ්මීරයේ ඉන්දීය හමුදාවට එරෙහිව පැවති උද්ඝෝෂණ බොහොමයකදී කිහිප විටක්ම අයිසිස් කොඩිය රැුගත් පිරිස් දැකගත හැකිවිය. එම ඡුායාරූප ඉන්දීය මාධ්‍ය ඔස්සේද පළකර තිබිණි. මෙම සෝෆි නමැති මුස්ලිම් සටන්කාමියා වසර ගණනාවක සිට ඉන්දීය හමුදාවට එරෙහිව විවිධ සංවිධාන සමග එක්ව ඉන්දීය හමුදාවට එරෙහිව සටන් වැදී ඇති අතර අවසානයේ දී ඔහු අයිසිස් සමග එක්වන බව ප‍්‍රකාශ කර තිබිණි. කාශ්මීරයේ අයිසිස් සංවිධානයට පක්ෂව නිකුත් කරනු ලබන සඟරාවක් සමග සාකච්ඡුාවකට එක් වෙමින් සෝෆි තමා අයිසිස් සංවිධානය සමග එක්වූ බව ප‍්‍රකාශ කර තිබූ බව හින්දු පුවත්පත සඳහන් කර තිබිණි. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක අංශ අයිසිස් ප‍්‍රාන්තය ප‍්‍රකාශයට පත් කිරීම සම්පූර්ණයෙන් ප‍්‍රතික්‍ෂේප කර සිටිති. ජම්මු කාශ්මීර ප‍්‍රාන්තයේ පොලිස් ප‍්‍රධානි දිල්බාග් සිං පවසන්නේ මෙය වල්පල් දෙඩවීමට සමාන බවයි. හමුදාවට ප‍්‍රහාර එල්ල කරන්නට ගොස් සටන්කාමියකු මරණයට පත්වූ විට සෑම සංවිධානයක් ම ඒ පුද්ගලයා තමන්ගේ අයකු බව කියන්නට උත්සහ කරන බව පොලිස් ප‍්‍රධානියා කියයි.

අයිසිස් නායක අබු බකර් අල් බග්ඩාඩි ලෝකය අද ඉල්ලා සිටින දරුණුම මිනිසා ලෙස ඔහු සැළකෙයි. සිරියාවේ හා ඉරාකයේ මොහු විසින් නිර්මාණය කරන ලද මුස්ලිම් කාලිපාතය (caliph) විනාශ වුවද මේ යක්ෂයාගේ හිස සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නියම කරනු ලැබ ඇති මිල ඩොලර් දෙකෝටි පනස් දහසකි. 2014 වසරේ ඉරාකයේ මෝසුල් (Mosul) නගරයේ දී පැවැත්වූ කතාවකදී තමා යටතේ පවතින මුස්ලිම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කළ අබු බකර් අල් බග්ඩාඩි ඉන් අනතුරුව වසර පහකට අධික කාලයක් ප‍්‍රසිද්ධියේ පෙනී නොසිට හැංගිමුත්තමේ නිරත වෙමින් සිට පසුගිය අප‍්‍රියෙල් මස අන්තිම සතියේ මිනිත්තු දහඅටක වීඩියෝ පටයක් මගින් තමා තවමත් ජීවතුන් අතර බව ලෝකයට පෙන්වා දුන්නේය. 2001 සැප්තැම්බර් 11 වෙනිදා නිව්යෝර්ක්-වොෂින්ටන් දෙනුවර ප‍්‍රහාරයෙන් අනතුරුව ‘අල්කයිඩා‘ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කර ගැනීම සඳහා ඇමෙරිකානු බුද්ධි අංශයට වසර දහයක් ගතවිය.

පාකිස්තානයේ සිය නිවාස සංකීර්ණයෙහි සැඟවී සිටි ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද නාවික හමුදා භටයන් විසින් අල්ලා ගන්නා ලද්දේ 2011 මැයි මාසයේ දෙවැනිදාය. එහෙත් අබු බාකර් සොයා ගැනීම ලෝකයේ බලවත් හමුදාවට ප‍්‍රශ්නයක් වී ඇත්ද නැත්නම් ඔහුට තවත් වැඩෙන්නට ඉඩ හරිනවාද යන සැකය අපට මතුවේ.

කවරක් වෙතත් ලොව සිදුවන අයිසිස් ක‍්‍රියාකාරකම් ගැන අවධානයෙන් සිටීම ලාංකිකයින් වශයෙන් අපට වැදගත්ය. වෙනදා මේ ගැන කතා කරන විට සිනාසුන පුද්ගලයින් පවා අද පාරට යන්නේද දෙවරක් සිතා බලාය. කෙසේ නමුත් මේ වහාබ් අන්තවාදය සමග සටන් විරාම හෝ සාම සාකච්ඡා පැවැත්විය නොහැක. ශිෂ්ට ලෝකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ යක්ෂයින් පරාජය කිරීම අනිවාර්යවේ.



One thought on “අයිසිස් ත‍්‍රස්තයෝ ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ප‍්‍රකාශයට පත් කරති”

  1. “….ජම්මු කාශ්මීර ප‍්‍රාන්තයේ පොලිස් ප‍්‍රධානි දිල්බාග් සිං පවසන්නේ මෙය වල්පල් දෙඩවීමට සමාන බවයි….”
    මේ ප්‍රකාශ වලින් ඇවිස්සුනු ඉන්දීය හින්දු බක්තික ජනතාවගෙන් මෝදි ට චන්ද ටිකක් වැඩිපුර ලැබුන කියල නොහිතන්නත් හේතුවක් නෑ. මතුපිටින් පේන දේ නෙවේ අද ලෝකේ ඇත්තටම වෙන්නෙ. මතකනේ පකිස්තානෙ අවුස්ස ගන්න බැලුවා ඉලෙක්ෂන් එකට කලින්. ඒක හරි ගියේ නෑ ඉම්රාන් කාන් ගෙ නුවණ නිසා. ඒ හින්ද වෙන්න ඇති දැන් අයිසිස්ල වැඩට බැහැල ඉන්නෙ!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More