දේශීය පුවත්

ජාතික පාසල් 228ක විදහල්පති පුරප්පාඩු පුරවා නෑ…..

ජනප්‍රිය පාසල් 32 ක ළමයින් 5,377ක ඉගෙන ගන්නෙ හිරවෙලා….

විදුහල්පතිවරුන් 69 කගේ විනය ගැටලු විසඳලත් නෑ……..

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විමසන ලද විගණන විමසුම් 25 කට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිතුරු සපයා නැති බව හෙළිවී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

පසුගිය 2017 අගෝස්තු මස 30 වැනිදා තෙක් කාල පරාසය තුළ විගණකාධිපත් දෙපාර්තමේන්තුව විසින් විමසන ලද රුපියල් මිලියන 7,413 ක වූ මූල්‍යමය වටිනාකමකින යුත් විගණන විමසුම් 25 කට මෙසේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිතුරු සපයා නැතැයි හෙළි වූ බව හෙතෙම පැවසීය.

ජාතික පාසල් 178 ක් ගුරු මධ්‍යසථාන 40 ක් පර්ගනක මධ්‍යසථාන 35ක් ඔරුගොඩවත්ත හා වේයන්ගොඩ පත්තල ගෙදර ගබඩා ආදියේ තොරතුරු විගණනය සඳහා ඉදිරිපතකොට නැතැයිද හෙළි වූ බව පවසයි.

පසුගිය 2017 වසරේ අගෝස්තු 30 වැන්දා වන විට ජාතික පාසල් 352න් 228කට අදාළ විදුහලපති පුරපපාඩු පිරවීමට අමාත්‍යංශය කටයුතු කර නොමැති බවද හෙතෙම කීය.

එක පන්තියක සිටියයුතු 40-50 අතර ළමයිනගේ සීමාව ජාතික පාසල 116ක ඉක්මවා ගොස් ඇති බවත් එසේ සීමාව ඉකමවූ ළමයින් 9,639ක් එම ජාතික පාසල 116 අධ්‍යයන කටයුතුවල නිරත වන බවත් අතිශය ජනප්‍රිය පාසල් 32 ක එම සීමාව ඉක්මවූ ළමයින් 5,377 ක් අධ්‍යයන කටයුතුවල නිරත වන බවද හෙළි වී ඇතැයිද හෙතෙම පවසයි.

2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය වෙතයොමු වී ඇති විනය ගැටලු අතරින 343 ක විසඳා නැතැයිද ඉන් ගැටලු 69ක් විදුහලපතිවරුනට අදාළ විනය ගැටලු බවද හෙතෙම හෙළිකරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More