දේශීය පුවත්

ආණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින් වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

ගොඩනැගෙන බෞද්ධ බලවේග වෙනතකට හැරවීමේ දේශද්‍රෝහී වැඩ පිළිවෙලක් ක‍්‍රීයාත්මක වනබවත් එයට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ කීහ. පවතින තත්ත්වයට සියලූ දෙනා සබුද්ධිකව මුහුණ දිය යුතු බවත් ජාතිකවාදි බලවේග හොරුන්ගේ ග‍්‍රහණයට අසුවන්නට ඉඩ දිය යුතු නැති බවත් මැදගොඩ හිමියෝ කීහ.

සිංහල බෞද්ධ බලවේගයක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙන්නේ යැයි ද සිවුර පාවඩයක් කරගෙන දේශපාලනයට එන්නටත් ජාතික බලවේග අතට ගන්නටත් පිරිසක් සුදානමින් සිටින්නේ යැයි ද කී උන්වහන්සේ ජාතික සළු පිලි දවටා ගෙන යලි දේශපාලනයට එමින් සිටින මේ පිරිස හෙළි කළ යුතු යැයි ද පැවැසූහ.

මොවුන් අතරින් සමහරු සිවුරේ ගෞරවය විනාශ කළ අය බවත් තවත් සමහරු ආරක්ෂක හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරන්නේ නැතැයි පවසා බලයට ආ අය බවත් කී අභයතිස්ස හිමියෝ මේ ගැන සහතික වෙමින් බලයට ආ ඔවුන් දැන් කරන්නේ කුමක් දැයි ප‍්‍රශ්න කළහ.

රටට විප්ලවයක් අවශ්‍ය බවත් ලී ක්වාන් යූ වැනි නායකයෙක් රටට අවශ්‍ය බවත් පැවැසූ මැදිගොඩ හිමියෝ පක්ෂ දෙකේම ඇති දූෂිත නායකයින් නැති කළ යුතු බව ද කීහ.මේ ත‍්‍රස්තවාදය තුරන් කරන්න අවම වශයෙන් වසර දෙකක් වත් යනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා දෙතුන් වතාවකම කීවේ යැයි ද ඒ අන්තර්වාර ආණ්ඩුවක් ඇති කිරිමේ ආණ්ඩුවේ උවමනාවට විය යුතුයැයි ද පැවසූ උන්වහන්සේ අන්තර්වාර ආණ්ඩු ඇති කරන්නේ බටහිර වුවමනාවට යැයි ද පැවසූහ.

වහබ්වාදය පවා එංගලන්තය ඇතුළු බටහිර රටවල උවමනාවට ආරම්භ කළේ ඉන්දියාවේ හින්දුන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් ඇති කිරීමට බව පෙන්වා දුන් අභයතිස්ස හිමියෝ ඉන් අනතුරුව විවිධ රටවල දේශපාලන මැදිහත්වීම් ඇති කර ගන්නට යුද්ධ ඇති කල බවත් අපේ රටෙත් මේ තත්ත්වය ක‍්‍රමාණුකූලව ඇති කරන්නට සුදානම් වෙමින් සිටින බවත් කීහ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදින් බව ද පහර කෑවේ කිතුණු ජනතාව බවද එසේ වී නමුත් විවිධ පාර්ශව උත්සාහ කරන්නේ බෞද්ධ ජනතාව කුපිත කරන්නට බවත් කී උන්වහන්සේ බෞද්ධ නිවාස පරික්ෂා කරන්න ආයුධ අසුවේවි යැයි බදුර්දීන් ඇමතිවරයා කියනු ඇසුණු බවත් පැවැසූහ

ආණ්ඩුවේ උවමනාවත් ගැටුම් නිරාකරණය නොව ගැටුම් ඇවිලවීම බව පෙන්වා දුන් මැදගොඩ හිමියෝ මේ අවස්ථාවේ මහා සංඝරත්නය පාවඩ එලන්නා විය යුතු නැති බවත් ගැල්කරුවා වී ආණ්ඩුව නිසි තැනට දැක්කීමට කටයුතු කළ යුතු බවත් කීහ. දැන් කඩු අල්ලන ඒවා පෙන්නන්න එපා කියන්නේ පපුවේ අමාරුව තිබෙන කෙනෙකුගේ පපුවේ අමාරුව තිබුණට කමක් නැහැ. ඊසීජී ගන්න එපා කියන්නා වගේ වැඩක් යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

මේ ප‍්‍රහාරවල සබදතා පෙනෙද්දිත් දේශපාලඥයින්ගේ උවමනා මත කටයුතු කරන ආණ්ඩුව සියල්ලට වගකිව යුතුයි යැයි පෙන්වා දුන් උන්වහන්සේ කාතන්කුඩි පල්ලි පරික්ෂාවට හමුදාවට නීතිමාලාවක් පවා දමා තිබෙන බව හමුදා නිලධාරින් කියන්නේ යැයි ද ඔවුන්ට පල්ලි පරික්ෂාවට යන්නට සිදුව ඇත්තේ දැනුම් දීමෙන් පසුව යැයි ද පැවැසූහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රාදේවි මහ පිරිවෙණේ අද(12) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.

ජාතික විද්වත් භික්ෂු සංසදයේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නාහිමියෝ රටට වේ අවස්ථාවේ අවශ්‍ය මැතිවරණයක් මිස සභාග ආණ්ඩු හෝ අන්තර්වාර පාලනයක් නොවන බව පැවසූහ.



One thought on “‘රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි‘ (video)”

  1. පල්ලි පරික්ෂාවට යන්නට සිදුව ඇත්තේ දැනුම් දීමෙන් පසුව?????

    අපි දැනගෙන හිටියේ සපත්තු ගලවා ඇතුල් වෙන්න කිවු එක විතරය්. ආන්ඩුව මේ වගේ හමුදාව අපහාසයට විහිලුවට පත් කල බව දන්නේ නෑ.
    ඇය් ජන මාද්‍ය මේව ප්‍රසිද්ද නොකරන්නෙ.
    බුද්දි අන්ශ දඩයම් කල පොලිස් ලොක්කොත් අපට විශ්වාස නෑ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More