දේශීය පුවත්

හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ හෙට (13) පෙරවරු 6 දක්වා එම ප්‍ර දේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

ජාතීන් අතර අසමගීය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ මෙම නොසන්සුන් කාරී තත්ත්වය හට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාල සැකකරුද මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

හලාවත පිහිටු තිබූ ශ්‍රී ලංකා තව්හීත් ජමාත් කාර්යාලයටද මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයිද පොලීසිය කියයි.

මේ වන විට නගරයේ සියළු කඩ සාප්පු වසා දමා ඇති අතර නගරය පුරා පොලිස් හා හමුදා සෙබළුන් ආරක්‍ෂාවේ යෙදී සිටී.

පැයක පමණ කාලයක් ඇතුලත තත්වය පාලනය වී ඇත.



One thought on “හලාවතට පොලිස් ඇඳිරි නීතිය”

  1. මැර ප්‍රහාරය සල්ලි දීලම කෙරෙව්වද දන්නෑ ? සමාජ ජාල වලත් මේ කුලී හේවායො වැඩට බැහැල ගොඩක් කල්.
    ඔය ඇමරිකානු වෙරළ ආරක්ෂක නැවකුත් කොළබ වරායට ඇවිත් තියෙනව කියන්නෙ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More