දේශීය පුවත්

ත්‍රිමලයෙන් සටන ඇරඹේ..! හර්තාලය ගැන කණගාටුයි; නමුත් හිස්බුල්ලා ඊට වැඩිය භයානකයි..!

“හර්තාලය නිසා ජන ජීවිතය අඩාලවීම ගැන අපට කණගාටුයි . නමුත් හිස්බුල්ලා ඊට වැඩිය භයානකයි.” ජනාධිපති සිරිසේන, මෙන්ම හිටපු රාජපක්ෂලා ද අන්තවාදීන් ආරක්ෂා කිරීමට එරෙහි සටන ත්‍රිකුණාමලයෙන් ආරම්භ වෙමින්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.ඒ.එල්. හිස්බුල්ලා වහාම එම ධුරයෙන් පහකරන්නයි ඉල්ලා ඊයේ(10) ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කය පුරා ක්‍රියාත්මකවූ හර්තාලය පිළිබඳව කරුණු දක්වමින් නැගෙනහිර සුරැකීමේ සංවිධානයේ ජාතික සංවිධායක සංජීව ජයවීර මහතා පැවසීය.

“නැගෙහිර බලය’ සහ ‘නැගෙනහිර මහජන සංධානය’ හර්තාලය මෙහෙයවන්න අපට සහය වුනා. විශේෂයෙන්ම නැගෙනහිර මහජන සංධානයේ සභාපති කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජේවික්‍රම ළමාහේවා මහතා හිස්බුල්ලා එළවන්න දින අටක් සත්‍යග්‍රයක නිරත වූනා. ඔහු අද ඔහු එයින් නිදහස් වෙනවා . නමුත් හිස්බුල්ලාගෙන් නිදහස් වෙතුරු අපි සටන අතහරින්නේ නෑ. හිස්බුල්ලා තමයි මුස්ලිම් ත්‍රස්තවාදයේ මහ මොළකාරයා. මේක අපේ පාළකයන්ට තේරෙන්නේ නෑ. අහිංසක මුස්ලිම් ජනතාව සමඟ අපි හැදාමත් ඉන්නවා. සෑම මුස්ලිම් මිනිහෙක්ම අයි.එස්. කාරයෙක් නොවන බව ඇත්ත. ඒත් සෑම අයි.එස්. කාරයෙක්ම මුස්ලිම් මිනිහෙක් බව අමතක කරන්න එපා” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ පැවති හර්තාලයට සහය දක්වමින් කන්තලේ ත්‍රීකුණාමල සේරුනුවර නගරවල සියළු වෙළඳ සැල් ඇතුළු අනෙකුත් පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන පුද්ගලික බැංකු වසා දමා තිබුනි. පෞද්ගලික මඟී ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන් නතර කර තිබූ අතර ධාවනය වෙමින් පැවති, ලංගම බසයකට ත්‍රීකුණාමල 05 කණුවේදී කිසියම් පිරිසකගෙන් ගල් ප්‍රහාරයක් එල්ලවීමත් යම් යම් කණ්ඩායම් ප්‍රධාන මාර්ගවල ටයර් පිළීස්සීමත් නිසා ලංගම බස් ධාවනයද නතර විය. හර්තාලයේ ප්‍රතිඵල පහත ඡායාරූපවලින් දැක්වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More