දේශීය පුවත්

තමන්ට නීතිය හා සාමය ආමාත්‍යධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන් පසුවන හෙයින් බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නීතිය ක්‍රියාත්මක කිරීම යනු පළිගැනීම නොවන අතර වැරදි කළ අයට ඊට මුහුණ දීමට සිදුවන බවයි ෆොන්සේකා මහතා පෙන්වාදුන්නේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිවෙකුත් ආරක්ෂා කිරීමට අවශ්‍ය නැති අතර අදාළ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිදහස් දීම කළ යුතු බව හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් තමන්ට වෙනත් කැබිනට් අමාත්‍ය ධූරයක් සමඟ ආරක්ෂක කවුන්සිලයේ උපදේශක තනතුරක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබුණද තමන් ඊට කිසිලෙසකින්වත් එකඟ නොමැති බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.



One thought on “ජනාධිපති බයයි මුලින්ම එයාව අත්අඩංගුවට ගනියි කියලා”

  1. “…ජනාධිපතිවරයාව තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන්…..”

    හරිනම් ජනාධිපති තමය් ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න ඕන.

    Regime change කරන්න අගමැති රනිල් ඇමරිකාවෙ MIT එකේ චන්දෙ දිනන්න Statistical Programs run කරන කොට ජනාධිපති ඉන්දියානු තානාපති කාර්යාලේ කුමන්ත්‍රණ කිරීම පලවෙනි වරද.
    ලංකාවට මේ ගේම දෙන්න ඉන්දියාව, ඇමරිකාව ඇතුලු බටහිරයන්ට දැන හෝ නොදැන උදව් කලා මදිවට දැන් දැන දැනම අන්තවාදී මුස්ලිම් දේසපාලුවන් ආරක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More