දේශීය පුවත්

අවශ්‍ය අවස්ථාවේදී රජයේ පහසුකම් සම්පාදනය කිරීම අවම තත්ත්වයකින් පසුවන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. පසුගිය දිනවල හදිසි වැටලීම් සඳහා වාහන ප්‍රමාණවත් නොවීම නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාහන පවා රැගෙන ඒ සඳහා යාමට පොලිස් නිලධාරීන්ට සිදු වුණු බව නව විගණකාධිපති ඩබ්ලියු.පී. චුලන්ත වික්‍රමරත්න මහතා හමුවේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් මේ බව සදහන් කළහ.

නව විගණකාධිපතිධුරයට පත් චුලන්ත වික්‍රමරත්න මහතා අද (11) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්හ. අනතුරුව ඒ මහතා අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදුටුහ.

අධිකරණ ක්ෂේත්‍රයේ පවා පවතින අඩු ලුහුඬුකම් පිළිබඳව තමන් පසුගියදා සාකච්ඡා කළ බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සඳහන් කළහ.

විගණකාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් හමුවූ අවස්ථාවේදී මෙරට නිරන්තරයෙන්ම මේ දිනවල ගැටලු පවතින බවත් එම ගැටලුවල අවසානයක් දැකීමට නොහැකි වී ඇති බවත් මහා නායක හිමියන් ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ හතළිස් එක්වන විගණකාධිපතිවරයා වශයෙන් පත්වූ තමන් ඉදිරි වසර හයක කාලයක් එම දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත් නව තාක්ෂණය සහ විදේශීය අත්දැකීම් උපයෝගී කරගනිමින් ආයතනය උසස් ප්‍රමිතියෙන් යුතු තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරන බවත් මහනායක හිමිපාණන් වහන්සේ හමුවෙහි කී චුලන්ත වික්‍රමරත්න මහතා තවදුරටත් මෙසේ සඳහන් කළහ.

අපට ලොකු විෂය පථයක් ආවරණය කිරීමට සිදුව තිබෙනවා. ඒ සඳහා සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. ගිණුම්වලට පමණක් සීමා වී තිබුණු අප විෂය පථය මේ වනවිට පුළුල් වී කාර්යය සාධන, පරිසර වැනි අංශ කරා පවා ව්‍යාප්ත වී තිබෙනවා. විවිධ රටවල ක්‍රියාත්මක කරන නව තාක්ෂණය පවා උපයෝගි කර ගනිමින් ආයතනය දියුණු කිරීමට මම අපේක්ෂා කරනවා.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවාවට පසුව ව්‍යවස්ථාවේ සදහන් එකම සේවාව වන්නේ විගණන සේවාවයි. රාජ්‍ය විගණන සේවාවේ කටයුතු කිරීම සඳහා රාජ්‍ය විගණන කොමිෂන් සභාව තිබෙනවා. නමුත් නොයෙක් හේතු මත අපට මේ දක්වා රාජ්‍ය විගණන සේවාව පිහිටුවීමට හැකියාවක් ලැබිලා නැහැ. මගේ මූලික කාර්යය වන්නේ හැකි ඉක්මණින් එය ස්ථාපිත කිරීමයි. ඒ සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය ලැබිය යුතු අතර කළමණාකාරීත්වයේ සහයෝගය ලැබෙනවා.

රාජ්‍ය විගණනයේ වැටුප් යන්න තුළ තමයි ආරම්භයේ සිට ගැටලු පවතින්නේ. වැටුප තීරණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බලයක් නැහැ. එය කළ හැක්කේ වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ යම් යම් අනුමැතියන් ලබා ගැනීම තුළයි. ඒ නිසයි ගැටලුව කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින්නේ. විගණනය පුළුල් විෂය පථයක්. එය වෘත්තීයමය සේවාවක්. පත්වූ මුල් අවස්ථාවේදීම මට විගණන සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කිරීමට හැකිවුණා. ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ද හිමිවුණා.

නුවර නදීක දයා බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More