දේශීය පුවත්

තමා කිසිසේත්ම රටින් පැන නොගිය බවත් ඕමානය බලා ගියේ රාජකාරි කටයුත්තක් සඳහා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
එම ප්‍රකාශය මෙසේය.
මම පසුගිය දිනෙක රාජකාරි කටයුත්තක් සඳහා ඕමානය බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජනමාධ්‍ය චෝදනා කළේ මම රටින් පැන ගිය බවයි. කිසිඳු කරුණක් හරියාකාරව සොයා නොබලා, තොරතුරු සනාථ කර ගැනීමෙන් තොරවයි ඔවුන් ඒ විදියට චෝදනා කළේ. ඇමතිවරුන් කණ්ඩායමක් සමඟ අපි ඕමානයේ දී සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවට කෙරෙන රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ගැනයි.
මම ආපසු පැමිණීමෙන් පසු චෝදනා කරපු අය ඒ ගැන කථා කිරීම නවතා දමා තිබේ.
ඊට අමතරව තවත් චෝදනා ගණනාවක් මා වෙත එල්ල කෙරිණි. කෙතරම් දරුණු ලෙස මේ චෝදනා කළාද කිවහොත්, මාව ත්‍රස්තවාදී ගොඩට තල්ලු කරන්න එතරම් උත්සහ ගන්නේ ඇයි කියලා සමහර ජනමාධ්‍ය වලින් පෙරළා ප්‍රශ්න කරන්න මට සිදු විණි.
මට මේ නගන චෝදනාත් රටින් පැන ගියා කියා කළ චෝදනාවට සමානය. පදනමක් නැත. සනාථ කිරීමට කරුණු නැත. මගේ ලේඛම්වරයෙක් ඩෙටනේටර් සමඟ අත්තඩංගුවට අරන් නිදහස් කළ බවට ඔවුහු චෝදනා නගති. මේ සිද්ධියට සම්බන්ධ වූයේ මගේ ලේඛම්වරයෙක් නො‍වේ. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අපෙු පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ කෙනෙකි. ඔහු අත්තඩංගුවට පත් වුණ බව සත්‍යකි. නමුත් දින කිහිපයකට පසුව අධිකරණයේදී සියළු කරුණු හෙළිදරවු විණි. අධිකරණය මඟින් ඔහු නිදහස් කෙරිණි.
මගේ සහෝදරයා අත්තඩංගුවට ගෙන නිදහස් කළා යැයි පැවසීමත් සම්පූර්ණ බොරුවකි. ආරක්ෂක හමුදා සහ පොලීසිය එක්ව පසුගිය දිනෙක මන්නාරම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කළහ. ඒ අවස්ථාවේ මගේ සහෝදරයා නැවතී සිටියේ සෝදිසි මොහයුම කරන ප්‍රදේශය තුළ වූ සංචාරක බංගලාවක ය. ඒ බංගලාවත් සෝදිසි කළ අතර, මල්ලිගෙනුත් තොරතුරු විමසා තිබේ. එතැන නවතා තිබුණු වාහනත් පරික්ෂා කෙරිණි. සිදුවුණේ එපමණ ය. අවශ්‍ය ඕනෑම කෙනෙකුට මන්නාරම පොලීසියෙන් සත්‍ය සොයා ගත හැකිය.
මට එල්ල කළ ඊළඟ චෝදනාව වන්නේ මගේ සහෝදරියකගේ නිවෙසක් ත්‍රස්තවාදීන්ට කුලියට ලබා දුන් බවයි. මගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියා දැනට වසර පහකට පමණ කාලයක සිට වාසය කරන්නේ කැනඩාවේ ය. ඇය විවාහ වූ තැනැත්තාගේ මහ ගෙදර එහි භාරකරුවා කුළියට ලබා දී තිබුණි. පසුගිය පෙබරවාරියේ කුලියට සිටි අයව ඉවත්ව ගිය පසු වෙබ් අඩවියක දැන්වීමක් දමා ඒ නිවාසය වසරක කාලයකට කුලියට දී ඇත. මා එවැන්නක් දැන සිටියේ නැත. එය මට අයත් පුද්ගලික කාර්යාලයක් නොවේ. එවන් පසුබිමක මට චෝදනා නැගීම සාධාරණද කියා සිතා බැලීම ඔබට බාරය.
බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් සමඟ මගේ සහෝදරයා ව්‍යාපාර කළ බවට කරන චෝදනාවත් සම්පූර්ණ අසත්‍යකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More