ව්‍යාපාරික පුවත්

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල අඩුවී ඇති පරිසරයක, රටම භීතියට පත්ව, ජනජීවිතය අඩාලව තිබියදී රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ගැන පමණක් සිතා රජය ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධය ප්‍රකාශ කරයි.

සෑම මසකම 10 වැනි දින ඉන්ධන මිල සංශෝධනය කළද පසුගිය මාසයේ 10 වැනි දින සිට මැයි 10 වැනි දින දක්වා කාලය අතර විශාල වශයෙන් ලෝක බොරතෙල් මිල අඩුවී ඇති බව පැහැදිලිවම පෙනී යන කාරණයක් බව ඔවුන් කියයි.

තත්ත්වය එසේ තිබියදී හා අප්‍රේල් 21දා ප්‍රහාරයෙන් රටම කැලඹී තිබියදී මෙරට ඉන්ධන මිල වැඩි කිරීමෙන් රට තුළ භාණ්ඩ මිල තවතවත් ඉහළ යාමට ඇති හැකියාව පිළිබඳවද නොසලකා රජය ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයෙන් පෙනී යන්නේ රජයට හිත්පිත් නැති නොමැති බව යැයිද ඔවුන් කියයි.

ඒ අනුව, මරාගෙන මැරෙන IS ත්‍රස්තවාදීන් මෙරට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජනතාවට දැනුන ආකාරයෙන්ම රජය ජනතාවගේ ආර්ථිකයට ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේදී එල්ල කළ ප්‍රහාරය දැනෙන බව ඔවුන්ගේ විශ්වාසය බවද කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More