දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදීන් හඳුනා ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශය යළි ප්‍රතිසංවිධානය කරන ලෙසට පොලිස් මූලස්ථානය ලබා දී ඇති නියෝගය අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය ඊට සුදුසු පළපුරුදු නිලධාරින් නොසලකා පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට හිතවත්කම් ඇති අය බඳවාගෙන ඇති බව වාර්තාවේ.

සෑම පොලිස් ස්ථානයකටම බුද්ධි අංශ නිලධාරින් දෙදෙනකු හෝ හතර දෙනකු බැගින් කොට්ඨාස බුද්ධි ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යටතේ හා නියෝජ්‍ය පොලිස්පති යටතේ වෙන් වෙන්ව බුද්ධි ඒකක පවත්වාගෙන යාමට කටයුතු කරයි. ඒවා රාජ්‍ය බුද්ධි සේවයට හා විශේෂ කාර්යාංශ බුද්ධි ඒකකයට අමතරව පවත්වාගෙන යයි.

කෙසේ වෙතත් මීට පෙර එම පොලිස් ස්ථානවල හා කොට්ඨාස බුද්ධි ඒකකවල රාජකාරි කටයුතු කළ නිලධාරින් ඉන් ඉවත් කර සාමාන්‍ය රාජකාරිවලට යොමු කළ අතර ඔවුන් බුද්ධි රාජකාරිය සඳහා පුහුණු හා පළපුරුදු නිලධාරින්ය. එසේ පළපුරුදු පුහුණු නිලධාරින් සිටියදී ඉහළ පොලිස් නිලධාරින්ට හිතවත් නිලධාරින් තම ප්‍රතිසංවිධානය යටතේ ඊට අනුයුක්ත කළ අැති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More