දේශීය පුවත්

අනුමැතියකින් තොරව මෙරට පවත්වාගෙන ගිය විදෙස් විශ්ව විද්‍යාලයක ශාඛාවක් පිළිබඳ ඌව පළාතෙන් වාර්තා විය.ඉරානයේ අල් මුස්තාෆා විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇති අතර නිශ්චිත ස්ථානයක් තිබී නැති අතර දෙමළ පාසල් හතරක ගොඩනැගිලි එහි ඉගැන්වීම් සඳහා යොදාගෙන තිබේ.

සති අන්ත දිනවල එම ඉගැන්වීම සිදුකර ඇති බව සඳහන්. ඒ සඳහා හපුතලේ දෙමළ මහා විද්‍යාලය, බණ්ඩාරවෙල දෙමළ මහා විද්‍යාලය, බදුල්ල සරස්වතී විද්‍යාලය හා පස්සර දෙමළ මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ගොඩනැගිලි භාවිතා කර තිබේ.

පළාත් සභාවේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හෝ අනුමැතියක් මේ සඳහා හිමි වී නැත.

පසුගිය වසරේ අගභාගයේ මෙය ආරම්භ කර ඇති බවයි අප වෙත වාර්තා වූයේ.

මෙම අල් මුස්තාෆා විශ්ව විදාලයේ කුරානය, අරාබි භාෂව සහ දේශපාලන විද්‍යාව යන විෂයන් උගන්වා තිබේ.

මෙහි වැඩි වශයෙන් අධ්‍යාපනය ලබා ඇත්තේ හින්දු දරුවන් සහ කතෝලික දරුවන් වීම එක් විශේෂත්වයකි. ආරම්භයේදී ඉස්ලාම් දරුවන් 130ක් පමණ සහභාගී වී ඇති බදුල්ල සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංගමය මැදිහත් වීමෙන් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන දැනුවත් කර ඉස්ලාම් දරුවන් එම ඉගැන්වීම් සඳහා සහභාගී වීම වළක්වන ලෙස උපදෙස් දී ඇත. ඒ අනුව ඉස්ලාම් දරුවන් ඇති බහුතරයක් එම ආයතනයෙන් ඉවත්ව ඇති අතර ඉතිරිව ඇත්තේ ඉස්ලාම් සිසුන් 12දෙනෙකු පමණක් බවත් සඳහන් විය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව සැලකිලිමත් වී ඇති අතර තම දරුවන් අධ්‍යාපනය ලබන මෙම ආයතනය පිළිබඳ විපරම් කරන ලෙස ඌව පළාත් සභාවේ මාර්ග සංවර්ධන,නිවාස,ජලසම්පාදන,වතු යටිතල පහසුකම්, සමුපකාර සහ ද්‍රවිඩ මාධ්‍ය අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතාව දැනුවත් කර තිබේ.

ජනතාවගේ දැනුවත් කිරීම මත සිය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ එක්ව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඉරාන අල් මුස්තාෆා විශ්ව විද්‍යාලයේ ඇත්ත නැත්ත හෙළිදරව් වන්නේ එම විමර්ශනයත් සමඟය.

ද්‍රවිඩ මාධ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පාසල් වල ගොඩනැගිලි බාහිර ක්‍රියාකාරකම් සඳහා ලබා නෙදෙන ලෙස චක්‍ර ලේඛයක් පවා නිකුත් කර තිබියදී පාසල් හතරක ගොඩනැගිලි ඒ සඳහා ලබා දී තිබීම, එම අධ්‍යයන කටයුතු වලින් අති බහුතරයක් මුස්ලිම් දරුවන් ඉවත් වීම, අධ්‍යයනය සඳහා ඇති විෂය මාලාව, බදුල්ල සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මෙය පිළිනොගැනීම, නොමිලේ අධ්‍යාපනය ලබා දෙන පවසා පසුව මුදල් අය කිරීම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියක් නොමැති වීම යනාදී කරුණු සම්බන්ධයෙන් සෙන්දිල් තොන්ඩමන් මහතා අවධානය යොමු කර ඇති අතර කඩිනම් විමර්ශනය ඒ ඔස්සේ සිදුකර තිබේ.

බදුල්ල සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ අමාත්‍යවරයා කළ සාකච්ජාවේදී ඔවුන් පෙන්වා දී ඇත්තේ අල් මුස්තාෆා විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් ඔවුන්ට පිළිගත නොහැකි බවයි. ඔවුන්ට එහි සැකයක් පවතින බව අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය වනුයේ ඉරානයේ එවැනි විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවට ඇතුල් වූයේ කෙසේද යන්නයි.

එහිදී අනාවරණ වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මේ පසුපස සිටින බවයි.

අල් මුස්තාෆා විශ්ව විද්‍යාලය මෙරට ආරම්භ නොකරන ලෙසත් එය මෙරට විශේෂයෙන් ඉස්ලාම් සහ හින්දු සංස්කෘතියට අනුගත නොවන බවත් එම ඉගැන්වීම් පිළිගත නොහැකි බවත් බදුල්ල සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතාට අවධාරණය කර ඇති නමුත් ඊට ඔහු සවන් දී නැත. ඒ අනුව අරවින්ද කුමාර් මන්ත්‍රීවරයාගේ රැකවරණය මැද එම විශ්ව විද්‍යාලය ආරම්භ කර තිබේ.

පාසල් සතු ගොඩනැගිලි නොමිලයේම ඔවුන්ට ලබා දීමට මැදිහත් වී ඇත්තේද මෙම මන්ත්‍රීවරයා බව සඳහන්.

ඉගැන්වීම සඳහා වන විෂය නිර්දේශය ඉරානයෙන් ලබා දී ඇති අතර ඉගැන්වීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් වීමට මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණක්ව ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අනතවාදීන් සම්බන්ධයෙන් බොහෝ දෑ අනාවරණ වූ අතර මෙම විශ්ව විද්‍යාලයද එහි කොටසක් විය හැකි බවයි ප්‍රදේශයේ උලමාවරු පෙන්වා දී ඇත්තේ. ආරම්භයේ පටන් ඔවුන්ගේ විරෝධය තුළ අල් මුස්තාෆා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සැකය මතුවෙයි.

එමෙන්ම පසුගිය දිනෙක වතු ආශ්‍රිතව රහසිගත අකාරයෙන් ඉරානයේ ඉස්ලාම් විප්ලවීය දිනය ලෙස දිනයක්ද එම විශ්ව විද්‍යාලය විසින් පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් දේශපාලනඥයෙක් සහ වගකිව යුතු පළාත් අමාත්‍යවරයෙකු ලෙස තමන් දැනුවත් වීමක් නැති බවද සෙන්දිල් තොන්ඩමන් මහතා පවසයි.

“මේක බරපතල තත්ත්වයක් බව මට තේරුණා. පසුගිය ප්‍රහාරයෙන් පස්සේ තමයි මේ ගැන මට දැනගන්න ලැබුණෙ. හොයලා බලන කොට බරපතල කරණයක්. අවසානයේ ගොදුරු වෙලා තියෙන්නේ හින්දු සහ කතෝලික දරුවන්. ප්‍රදේශයේ මුස්ලිම් පූජකවරුන්ගේ මැදිහත් වීම නිසා මුස්ලිම් දරුවන් බේරුණා. අරවින්ද කුමාර් මේ වගේ වැඩකට සහය දීම කොහෙත්ම පිළිගන්න බැහැ. ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න ඕනේ.”

කෙසේවෙතත් මේ වන විට සෙන්දිල් තොන්ඩමන් මහතාගේ මැදිහත්වීමෙන් එම විශ්ව විද්‍යාල ආයතනයේ අධ්‍යාපන කටයුතු නවත්වා තිබේ. ඔහු පවසන්නේ එම ආයතනය තහනමට ලක්ව නැති බවයි. කඩිනමින් එයද සිදුවිය යුතු බව ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More