දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ අද (11) පැවති විශේෂ දිව්‍ය පූජාවේදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, තමන්ටද මේ වන විට ජීවිත තර්ජන එල්ල වී ඇති බවයි.

පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී අද පැවැත් විය.

කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල්වල ඥාතීන් හා තුවාල ලැබූවන් සහභාගී වූ මෙම විශේෂ දිව්‍ය පූජාව පැවැත්වුණේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීමද මෙහිදී සිදුකෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More