දේශීය පුවත්

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

2019.05.01 දිනට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, කටාර් රාජ්‍යයේ පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍ය යුසෙෆ් බින් මොහොමඩ් අල් ඔත්මාන් ෆක්රූ ( Yousuf Mohamed Al Othman Fakhroo) මහතා විසින් ප්‍රදානය කරන ලද මෙම සම්මානය කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක රසික ජයසිංහ මහතා වෙත ප්‍රදානය කර ඇත.

මෙහිදි ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය ඇගයීමට ලක්කර ඇති අතර සේවක ආරවුල් විසදීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දක්වනු ලබන දායකත්වය සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුහදශීලි සේවාදායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනැමීම සිදුකර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More