දේශීය පුවත්

මහා පරිමාණයෙන් කුඩු බිස්‌නස්‌ කරන තවත් ජාවාරම්කාරයො පිරිසක්‌ ශ්‍රී ලංකාවේ ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න වෙලේ සුදා ඇතුළු පිරිසක්‌ කුඩු බිස්‌නස්‌ එක ජයටම කරගෙන යනවා යෑයි අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර ඇත.

මම ශ්‍රී ලංකාවේ ප්‍රධානම හෙරොයින් ජාවාරම්කාරයා නම් මේ වෙනකොට වෙළෙඳපොළේ හෙරොයින් හිඟයක්‌ ඇතිවෙන්න ඕනේ. ඒත් වෙළෙඳපොළේ ඕන තරම් හෙරොයින් තිබෙනවා යෑයි ද මාකඳුරේ මධුෂ් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ධන කුවේරයන් ලෙස පෙනී සිටින විදේශිකයන් කිහිප දෙනකුම මෙම හෙරොයින් ජාවාරමේ මහා පරිමාණයෙන් නිරතවන බව ද මධුෂ් හෙළිදරව් කර ඇත.

අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු බව කියන මාකඳුරේ මධුෂ්ගෙන් මෙම හෙරොයින් ජාවාරම් පිළිබඳ කළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව අනාවරණය කර තිබේ.

පසුගිය කාලයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මෙන්ම මහ මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් වැඩි ප්‍රමාණයක්‌ තමා විසින් එවූ හෙරොයින් බව මාකඳුරේ මධුෂ් පිළිගෙන ඇති බව ද වාර්තා වෙයි.

– divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More