දේශීය පුවත්

මුස්ලිම් අන්තවාදයට සහයෝගය ලබාදෙන බවට චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගිය දිනවල රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා රැසක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විවේචන එල්ලවිය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්සත් ජාතික පෙරමුණට අයත් කැබිනට් ඇමැතිවරයකු බැවින් ඔහු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු පැවැසූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ, සමුපාකාර සංවර්ධන වෘත්තීය පුහුණ හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස රිසාඩ් බදියුදීන් කටයුතු කරයි.

නැගෙනහිර පළාතේ ෂරියා අධ්‍යාපන ආයතනයක් ගොඩ නැගීම සහ එම අධ්‍යාපන ආයතනය ෂරියා විශ්වවිද්‍යාලයක් කිරීමට කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා වහාම එම ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම මේ වන විට විවිධ අයුරින් දැනුම් දී තිබේ.

එලෙසම ආරක්ෂක අංශ මගින් සිදු කරන පරීක්ෂණවලට බාධා කළ බව කියන දේශපාලනඥයන් පිළිබඳව ද දැඩි තීන්දුවක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මීට අමතරව අන්තවාදීන්ට උදව් කළ බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද්සාලිට එරෙහිවද දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා වෙත චෝදනා ඉදිරිපත් කර ඇත.

Lakbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More