දේශීය පුවත්

සෝදිසි මෙහෙයුම්වලදී හමුවන කඩු සහ වෙනත් තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නැයි යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බවත් ශී‍්‍ර ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවත් යුධ හමුදාපති වරයා සදහන්කරයි.

ශී‍්‍ර ලාංකිකයන් යනු විජය රජුගේ යුගයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් බව යුධ හමුදාපතිවරයා සදහන් ඇති අතර එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන්නා සේ ජනතාව බිය ගන්වමින් බවද සදහන්කර ඇත.

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගැණූනු ගිනි අවි සම්බන්ධයෙන්ද යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අදහස් දක්වාඇති අතර ජතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බව අවධාරණය කරයි.

නෙත්ගුවන්විදුලිය සමග කළ විශේෂ සංවාදයකදී යුධ හමුදාපතිවරයා මෙම කරුණූ අණාවරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More