පුරවැසි කොලම

පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරීම් සිදුවී අදට (මැයි 11) දින විස්‌සකි. මේ අමානුෂික සිදුවීමට සම්බන්ධ තොරතුරු අනාවරණය වන අවස්‌ථාවේ ඊට සම්බන්ධ වූවන් වසන් කිරීමේ උත්සාහයක්‌ ක්‍රියාත්මක වේ. ඊට හොඳම නිදසුන සවුදි අරාබියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාවිද් යුසුප් කර ඇති ප්‍රකාශයයි.

තව්හිද් ජමාත් සංවිධානය ගැන මෙරට මුස්‌ලිම් ප්‍රජාව දැනගන්නේ පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව බවත් වසර පහකට පසු අයිඑස්‌ නායක අබු බකර් අල් බැග්ඩෑඩ් මතුවී ශ්‍රී ලංකාවේ ප්‍රහාරය සිදුකළේ තම සංවිධානය බවත් කළ ප්‍රකාශය සැක සහිත බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

ඔහු මේ ප්‍රකාශය තුළින් උත්සාහ කර ඇත්තේ සුදු හුණු ගෑමට නොවේද?

තව්හිද් ජමාත් ක්‍රියාකාරීන් රටේ විවිධ ස්‌ථානවලින් අසුවන අවස්‌ථාවේ සහ ඇමරිකාව ඇතුළු රටවල් මෙන්ම මෙරට මුස්‌ලිම් නායකයන් පවා එම සංවිධානය ගැන දැන සිටියදී ජාවඩ් යුසුප් රැවටීමට උත්සාහ කරන්නේ කාවද? ඔහු සිතන්නේ මෙරට ජනතාව අනුවණයන් ලෙසද?

පාස්‌කු ඉරිදා බෝම්බ පිපිරීම සිදුවීමත් සමගම බී.බී.සී. සේවාව එම පිපිරීම සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ වැඩක්‌ බව කීවේය.

හිටපු නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් ද එම ස්‌ථාවරයේ සිටි බව හෙළිවිය.

එසේම කෝටිපති ව්‍යාපාරිකයන් මෙවන් විනාශයක්‌ කරයිද යන්න ගැනද විවිධ ප්‍රචාර දියත් විය.

එහෙත් 2016 ජුලි 1 දා බංගලාදේශයේa ඩකා නුවර ගෝලේ ඇඩිසන් බේකරි වෙත එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයද පාස්‌කු ඉරිදා ප්‍රහාරයට සමාන විය.

මේ ප්‍රහාරය එල්ල වූයේ බංගලාදේශයේ ධනවත් පවුල්වලට සම්බන්ධ පිරිසකි. ඔවුන්ගෙන් සමහරක්‌ කෝටිපතියන්ය. එක්‌ ප්‍රහාරකයෙක්‌ බංගලාදේශ දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වූවෙකි.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් දේශපාලනය ගැන ත්‍රස්‌තයන් ලියූ ඇන්ඩි්‍රයාස්‌ ජොහැන්සාන් නමැති ගත්කරුවා පැවසූයේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ දේශන ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කර කොළඹ මුස්‌ලිම් පල්ලිවල ප්‍රචාරය වූ බව තමා සොයාගත් බවයි.

2006 සහ 2013 අතර සමයේ තමා ශ්‍රී ලංකාවට පැමිණි බවත් එවැනි ප්‍රකාශ නැගෙනහිර ප්‍රදේශයේදී ප්‍රචාරය වූ බවත් හෙතෙම පළකළේය.

මේ නිසා වසර ගණනාවක්‌ තිස්‌සේ මුස්‌ලිම් අන්තවාදීන්ගේ අබිරහස්‌ ක්‍රියාකාරකම් ගැන නිරීක්‍ෂණය වී නැති බව පවසයි. මෙහිදී මෙරට ජනතාවට බලපෑවේ අන්තවාදී මුස්‌ලිම් දේශපාලනඥයන්ටද යටත්වීමයි.

ඒ බව පහත දැක්‌වෙන කරුණුවලින් පැහැදිළිවේ.

1. ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීම දක්‌වන රේඩ් ඔµaද යස්‌ටඩේ චිත්‍රපටය මෙරට තහනම් කිරීම.

2. ඊශ්‍රායලයට එරෙහිව මොසාඩ් කොමිසම ස්‌ථාපිත කිරීම.

3. ඊශ්‍රායලය සමග තානාපති සබඳතා වැළැක්‌වීමට බලපෑම් කිරීම.

4. තස්‌ලිමා නස්‌රින්ගේ ල-ජා ග්‍රන්ථය කොටස්‌ වශයෙන් පළකළ කර්තෘවරයකුට තර්ජනය කිරීම.

5. ඊශ්‍රායලයෙන් අවි ලබා ගැනීම වැළැක්‌වීමට උත්සාහ කිරීම.

6. කාන්තන්කුඩි නගරය අරාබිකරණය වීමේදී රජය නිහඬ වීම.

7. කුර්දිස්‌තාන් ප්‍රාන්ත රජය සමග තානාපති සබඳතා පැවැත්වීම.

මෙවන් පසුබිමක්‌ මැද මෙරට ස්‌ථාන රැසකින් කඩු ඇතුළු විවිධ ආයුධ හමුවීමෙන් තව්හිද් ජමාත් සංවිධානය සමූල ඝාතනයකට සූදානම් වී සිටි බව සනාථ නොවන්නේද?

දිගු කලක්‌ තිස්‌සේ මෙරට මුස්‌ලිම් ජනතාව බුර්කාවට නතුවී සිටියේ නැත. එහෙත් වසර කීපයකට පෙර ඇරඹි බුර්කාව මෙරටට කොළඹ සහ අවට පමණක්‌ නොව නැගෙනහිර පුරාම පැතිර යද්දී රජය බලා සිටියේය. මේ තත්ත්වය මැද සෝදිසි මෙහෙයුම්වලදී කඩු විශාල ලෙස හමුවෙයි. මේ කඩු කුමකටද? එම ප්‍රශ්නයට මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

ඒ අතරේ සෝදිසි කිරීම්වලට බාධා එල්ල වන බවට වාර්තාවේ. රජය විවිධ ප්‍රදේශවල සෝදිසි කිරීම් රැසක්‌ සිදුකළත් සෝදිසි නොකළ ස්‌ථාන කොතෙකුත් තිෙරීද?

මෙරට සෑම ප්‍රශ්නයකටම වඩා ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වයට පත්විය යුතුය.

එහෙත් මුස්‌ලිම් දේශපාලනඥයෝ බලවත් වූහ.

වසර ගණනාවකට පෙර බද්යුදීන් මොහොමඩ් වැනි දේශපාලනඥයන් මෙරට සිටි නමුත් ඔවුන් අන්තවාදය පෝෂණය කිරීමට ක්‍රියා කළේ නැත.

එහෙත් මෑතකදී දේශපාලනයට පැමිණි දේශපාලනඥයෝ මෙරට බහුතරයේ දේශපාලකයන්ව ප්‍රාණ ඇපයට ගත්හ. එහි ප්‍රතිඵලය භයානක බව පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් සනාථ විය.

එසේ වුවත් බහුතරයක්‌ දේශපාලනඥයන් පාඩමක්‌ ඉගෙනගෙන නැත.

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් වරක්‌ පැවසුවේ රුසියාවේ සුළු වාර්ගික ජනතාව රටේ නීතිරීතිවලට යටත්විය යුතු බවත් එහෙත් මෙරට සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ ක්‍රියාවකි.

මුස්‌ලිම් දේශපාලනඥයෙක්‌ රටේ හමුදාපතිව අමතා ත්‍රස්‌තයන් නිදහස්‌ කරන්නැයි ඉල්ලීමෙන් පැහැදිලි වූයේ හමුදාපතිවරයා හෑල්ලූවට ලක්‌කිරීමක්‌ නොවේද?

මේ අතර රටේ ආරක්‍ෂාව ගැන ජනතාව සෑහීමට පත් නොවන බවට හොඳම සාධකය උඔC ලෙස පාසල්වලට පැමිණීමයි.

මවුපියන් ප්‍රකාශ කරන්නේ ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියදී නිහඬව සිටි පාලකයන් ආරක්‍ෂාව තරකර ඇති බවට කරන ප්‍රකාශය පිළිගත හැකිද?

මේ තත්ත්වය මැද 13 වැනිදා යළි ප්‍රහාර එල්ල වන බවට ප්‍රකාශ වී ඇත. මේ බව හරියටම කියන්නේ කෙසේද? ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු තරම් පාඩම් ඉගෙනගත් ආණ්‌ඩු වෙනත් රටවල නැත.

ශ්‍රී ලංකාවේ මේ තත්ත්වයට මූලික හේතුව සුරසැප විඳීම සඳහා දේශපාලන බලයට ඒමට කාගේ හෝ සහයෙන් පිහිට පැතීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More