දේශීය පුවත්

අත්අඩංගුවට ගෙන ර`දවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික්‌ නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමේදී රුපියල් ලක්‌ෂ 83ක මුදලක්‌ සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ (10දා) සොයාගෙන ඇත.

මෙම සැකකරු ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සම්බන්ධකම් ඇති බවට ලද තොරතුරු මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පෙරේදා (09 දා) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් කළ වැඩි දුර ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිල කාමරයේ මේස ලාච්චුවක මෙම මුදල් තිබෙන බව පවසා ඇත.

අනතුරුව පොලිසිය කළ විශේෂ සෝදිසියකදී අදාළ මුදල් සමග රන් ආභරණ තොගය සොයාගෙන ඇති අතර සැකකරුගේ දෙහිවල පිහිටි සුපිරි නිවසක්‌ හා බැංකු ගිණුම් කීපයක්‌ ද අනාවරණය කර ගෙන ඇති බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ස`දහන් කළේය.

මෙම මුදල් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ත්‍රස්‌ත ක්‍රියා වෙනුවෙන් යෙදවීමට සූදානම් කර තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මෙම සැකකරු දෙහිවල පදිංචිව සිටි පුද්ගලයකු වන අතර මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More