දේශීය පුවත්

“තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

ආරක්ෂක අංශ නිලධාරින් සිය පියා වන මොහොමඩ් සහරාන් නැමැත්තා ගැන ඇයගෙන් විමසූ අවස්ථාවේ එසේ පවසූ බවයි වාර්තා වන්නේ.

අම්පාර සයින්දමරුදු නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටි තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ හා දියණිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පෙරේදා (08) කොළඹට ගෙන එනු ලැබුවා. එම දියණියගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමටද අධිකරණය ඊයේ(10) අවසර ලබා දුන්නේය.

සහරාන්ගේ බිරිඳ සහ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

(සියලුම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට සිදුකරන්නා වූ නොමනා ක්‍රියා හෝ ලිංගික අපයෝජනය නොසළකා හැරීම හෝ නොසැළකිලිමත් ලෙස සැළකීම වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරා කෑම් හේතුකොට ළමයාගේ සෞඛ්‍ය, පැවැත්ම, සංවර්ධනය හෝ වගකීම විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ලෙස ක්‍රියා කිරීම ළමා අප යෝජනය ලෙස හෝ ළමා හිංසනය ලෙස අර්ථ දැක්වේ.)

ලක්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More