දේශීය පුවත්

රටක් හැටියට අප මේ මොහොතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත් වී ඇතැයි පවසන ‘ශ්‍රී ලංකා ජාතික සභාව’ මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාගැනීම සඳහා වූ ‘පංචවිධ ජාතික සැලැස්මක්’ එළිදැක්වුයේ ය. ඒ අද (මැයි 10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී ය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අගරදගුරු මැල්කම් රංජික් කාදිනල් පියතුමන් ඇතුළු සමාජ සංවිධානවල නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.

මෙහිදී සභාව අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ ජේ.ආර්.ජයවර්ධන මහතා ගෙන එනු ලැබූ මැතිවරණ ක්‍රමය ඉස්ලාම් ජාතිවාදය වර්ධනය කිරීමට ඉවහල් වූ බවත්, එම ක්‍රමය වහා වෙනස්විය යුතු බවත් ය. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙම තත්වය වහා පාලනය නොකළොත් ශ්‍රී ලංකාව සූඩානයක් බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් ය.

වනාතවිල්ලුවේ යම් තැනක පුපුරණ ද්‍රව්‍ය තිබුණු බවත් එයට දේශපාලන සම්බන්ධකම් තිබුණු බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමි වැඩිදුරටත් පැවසීය.

දේශපාලන බලපෑම් මත එයට සම්බන්ධ පිරිස් නිදහස් කළ බව ද පැවසු රතන හිමියන් අන්තවාදී ක්‍රියාකාරකම් 2013 සිට තිබු නමුත් 2015 න් පසුව මෙම තත්ත්වය ආයුධ සන්නද්ධව සිදු කල බවද කියා සිටියේය.

ආයුධ ගැනීම් ගැන වාර්තාව අතේ තිබුණත් ආණ්ඩුව මුස්ලිම් දේශපාලඥයින්ට භයේ කිසිවක් නොකළ බව ද රතන හිමි පැවසීය.

බලයේ සිටින ආණ්ඩු සියල්ල ප්‍රධාන පක්ෂ 2කම සුළු ජාතිවාදීන්ට අවශ්‍ය පරිදි නැටවෙන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔවුන් බහුතර ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු නොකර සිටින බවත් රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More