දේශීය පුවත්

ජාතිවාදය, ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාලයක් ආරම්භ කර තිබේ.

ත්‍රිකුණාමලය නගරය කන්තලේ, සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසාදමා තිබූ අතර පෞද්ගලික බස් සේවා ධාවනයෙන් ඉවත්වී ඇත.

ලංගම බස් ධාවනයේ යෙදුණු අතර ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ඇරඹු අංගොඩ ඩිපෝවට අයත් බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් එහි ඉදිරිපස වීදුරුවට හානි විය.

ත්‍රිකුණාමලය – නුවර ප්‍රධාන මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී මෙම ගල් පහර එල්ලවූ අතර රියදුරු බස්රථය මගින් නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි මාර්ග බාධකය වෙත බස් රථය ගෙන ගියේය.

චීනවරාය පාරේ සංගම හන්දියේ දි හා උප්පුවේලි හන්දියේ මාර්ගය මැද ටයර් දමා පුළුස්සා තිබු අතර පොලිසිය පැමිණ ගිනි ගන්නා ටයර් ඉවත් කෙරිණි. පාසල්වල සිසුන්ගේ පැමිණීම අඩු වූ අතර එය හර්තාලය නිසා සිදු වුවක් නොවිය. පවතින ආරක්ෂක තත්වය තුළ ගෙවී ගිය සතිය පුරාම සිසුන්ගේ පැමිණීම අඩු වී තිබිණි.

රාජ්‍ය ආයතන, බැංකු විවෘතව තිබුණ ද එහි සේවක මණ්ඩලවල පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණි. ඇතැම් බැංකු හා රාජ්‍ය ආයතනවල දෛනික කටයුතු වලට බලපැම් එල්ල වී තිබිණි. පාසල් හා රජයේ ආයතන හා බැංකු වලට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලින් ආරක්ෂාව යොදවා තිබේ.

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා මහතා පවත්වාගෙන යන සත්‍යග්‍රහය ද මෙම හර්තලය තුළ ඒ ආකාරයෙන්ම පැවතිණි.

ප්‍රදේශයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇත.



One thought on “හිස්බුල්ලාට විරෝධය පා ත්‍රීකුණාමලයේ හර්තාල්..”

  1. සත්‍යග්‍රහ, හර්තාල කමක් නෑ. ඒත් ඉතින් ඔන්න පටන් ගත්ත රටේ දේපල විනාස කරන්න-මැටි මෝල්ලූ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More