දේශීය පුවත්

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බල පෙදෙසෙහි පොදු ස්ථාන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන මෙන්ම වෙළදසැල්වලට මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළද ඇතුල්වීම සපුරා තහනම් කිරීමේ යෝජනාවක් ගලේවෙල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය.

මුලසුන හෙබවු ප්‍රාදේශීය සභාපති ඇම්.පී.ආර්.ජයතිලක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු සභාවේ සියලුම පක්ෂ විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේද එකඟතාවය මෙම යෝජනාව සඳහා හිමිවීම විශේෂ සිද්ධියක් විය.

මෙහිදි ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු වන එස්.එම්.මකීම් මහතා පැවසුවේ අතීතයේ සිට සිංහල සහ මුස්ලිම් ජනතාව අතර පැවති සහෝදරත්වය විනාශ කරමින් පසුගිය පාස්කුදින මුස්ලිම් අන්තවාදි ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදුකළ මහා විනාශය අපි මහත් පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා.

නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් විසිඑක්දෙනා (21) මේ ගැන තවමත් මුනිවත රකිමින් නිහඩවෙලා. ඔවුන්ට අවශ්‍ය ඡන්දය පමණයි. මොවුන් සියලුදෙනා එක්ව ආණ්ඩුව රකිනවා. එදා මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීම පිළිබද පරික්ෂණ පවත්වන විට එම පරීක්ෂණ හදිසියේ නතර කිරීමට සිදුවුනා. එයට ප්‍රධාන හේතුවවුයේ ඉහළ දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීමයි. මේ ආණ්ඩුව අමාරුවේ දැම්මේ ඔය කියන මුස්ලිම් මන්ත්‍රීවරුන් තමයි.

රජය අපක්ෂපාතිව කටයුතු කරන්නේ නම් රිෂාඩ් බද්උද්දීන් ඇමතිවරයා සහ රහුමාන් මන්ත්‍රීවරයා මෙන්ම අසාත් සාලි ආණ්ඩුකාරවරයාද අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවැත්විය යුතුයි. එවැනි පියවරක් රජය විසින් නොගැනීම ජනතාවට අද ප්‍රශ්නයක් බව මන්ත්‍රීවරයා අවසාන වශයෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More