දේශීය පුවත්

ඊයේ(09) රාත්‍රී හිරු රූපවාහිනියේ පාස්කු ප්‍රහාරයේ වගකීම කාටද? මාතෘකාව කරගනිමින් පැවැති බලය දේශපාලන සංවාදය සඳහා සහභාගි වූයේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතායි.

දේශපාලනික මුහුණුවරක් ගත් මෙම සාකච්ඡාව ආරම්භයේ සිටම ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර ගම්මන්පිල මහතා විසින් අවස්ථා ගණනාවකදීම ආණ්ඩුකාර අසාත් සාලි මහතාට ඉදිරිපත් කරන ලද චෝදනා ඔහු විසින් පිළිගත හැකි මට්ටමින් ප‍්‍රතික්‍ෂෙප කිරීමක් නොකළේය.

මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්නා ලෙස මුලින්ම ආරාධනා කළ පුද්ගලයා අසාද් සාලි බවත් මුස්ලිම් තරුණයන් අවි අතට ගත යුතු බවට මුලින්ම කිව්වේද අසාත් සාලි මහතා බව ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පෙන්වා සිටියේය.

නමුත් එම චෝදවා බැහැර කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු නොකිරීම විශේෂයකි.

තමන් කෙතරම් ප්‍රිය කරන පුද්ගලයෙකු ජනපති අපේක්ෂකයා වුවත් ඔහු රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි වැන්නවුන් හා අත්වැල් බැඳගන්නවා නම් සිය පක්ෂයේ සහාය එම අපේක්ෂකයාට නොලැබෙන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මෙහිදී ගම්මන්පිල මන්ත්‍රිවරයා අසාද් සාලි ආණ්ඩුකාරවරයා විසින් සිදුකරනු ලැබූ අන්තවාදී කටයුතු රාශියක් සාක්ෂි සහිතවම ඉදිරිපත් කිරීම දක්නට ලැබුණි.

එමෙන්ම මෙතරම් තොරතුරු තිබියදීත් යහපාලන රජයේ සිව් වසරකට අධික පාලන සමය තුළ සහරාන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූ පැනයට සාධනීය පිළිතුරක් ලබාදීමට ආණ්ඩුකාරවරයා අපොහොසත් විය.

සම්පූර්ණ වීඩියෝව පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More