Uncategorized

උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි.

න්‍යෂ්ටික අවි සහ මිසයිල සම්බන්ධයෙන් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමට විරෝධය පල කිරීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි ද දකුණු කොරියාව තවදුරටත් පවසයි.

මෙම මිසයිල වයඹ දිග කුෂොංග් සිට යොමු කරන ලද අතර කිලෝමීටර් 50ක උසකින් කිලෝමීටර් 420ක් හා 270ක් දුර ගමන් කරමින් මුහුදට පතිත වූ බව සඳහන් වේ.

දින කිහිපයකට පෙර උතුරු කොරියාව මල්ටි රොකට් සහ මිසයිල කිහිපයක් අත්හදා බලනු ලැබීය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනය සඳහන් කරන්නේ ඔවුන් එම වාර්තා අධ්‍යයනය කරමින් පරීක්ෂාකාරීව සිටින බවයි.

“යවන ලද මිසයිල කෙටිදුර ඒවා වුවත් එමගින් එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කෙරෙනවා” යැයි දකුණු කොරියානු නායක මූන් ජී පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More