දේශීය පුවත්

ඓතිහාසික පිදුරංගල ගල හා සීගිරි පර්වතයට බටහිර ප්‍රදේශයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් වන සංහාරයක් සිදුව තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

රටේම අවදානය වෙනත් අතකට යොමුව ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක් පිළිසකර කරන බව පවසා සීගිරිය අභය භූමියේ අඩි තිස් පහකට ආසන්න පළලකින් යුත් විශාල පාරක් යන්ත්‍රසූත්‍ර දමා කපා දමා අභය භූමියේ තිබූ වටිනා ගස් රැසක්ද විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙසේ විනාශ කොට බිම හෙලා ඇත්තේ සීගිරි අභය භූමියේ පිහිටි වටිනා දැවමය වටිනාකමක් ඇති දඹ, බුරුත ආදී වටිනා ගස් බවටත් චෝදනා එල්ල වෙනවා. සීගිරිය අභය භූමිය මැදින් පැවැති කුඩා මාර්ගයක් මේ ආකාරයෙන් මිනින්දෝරු සැලැස්මක විශාල මාර්ගයක් ඇති බව පවසමින් සුද්ද පවිත්‍ර ක‍ර තිබෙන ඔවුහු කියති.

සීගිරිය සහ පිදුරංගල ගල ආසන්නයේ මෙම වන සංහාරය සිදුව ඇත. වැවකට ‍ප්‍රවේශ වීම සඳහා මෙහි කෘෂි මාර්ගයක් පැවති බවද ප්‍රදේශවාසීහු කියති. එම කෘෂි මාර්ගයේ සංචාරකයන්හට වැවේ ඔරු පැදීමේ ව්‍යාපෘතියක් කණ්ඩායමක් විසින් ආරම්භ කොට තිබෙන බවත් එම ස්ථානයට ළඟාවීම සඳහා මෙම මාර්ගය කපන්නට ඇතැයිද සැක කෙරේ.

ප්‍රදේශවාසීන් කියා සිටින්නේ වසමේ ග්‍රාම නිලධාරීවරයාගේද අනුදැනුම ඇතිව පිරිසක් මෙය සිදු කර තිබෙනා බවයි.



One thought on “ත්‍රස්ත භීතියෙන් රටම ඇලලෙද්දී සීගිරිය අභයභූමිය අවසන් ගමනේ!”

  1. අඩි තිස් පහක විශාල පාරක් කැපූවෙ ඇයි කියා සොයන්න ඕන. ඔරු පැදීමේ ව්‍යාපෘති කණ්ඩායම ගැන විශේෂයෙන් සොයන්න ඕන.

    හැබැයි සීගිරිය අභය භූමියේ සතුන් මීට කලක ඉදන්ම දඩයම් කල බව සමහර ටුවරිස්ට්ලා ගෙ වීඩියෝ වලින් පේනවා ( Next Level Village Food in Sigiriya, Sri Lanka! by Mark Weins) යූ ටියුබ වීඩියෝව->https://www.youtube.com/watch?v=3T6B0adUnJU

    වනජීවී දෙපාර්තමේන්තුවම තමයි වනජීවීන් වනසන්නේ ?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More