දේශීය පුවත්

මුස්ලිම් ජනතාව අන්තවාදයට යොමු වන්නේ නම් ඔවුන්ට අවස්ථා ගණනාවක් තිබූ නමුත් 99%ක් මුස්ලිම් ජනතාව පසුගියදා සිදු වූ ප්‍රහාරය හෙළා දකින බව සිවිල් සංවිධාන නියෝජිත එන්.එම්.අමීන් මහතා පැවසීය.

අමීන් මහතා මේ බව සඳහන් කළේ අද (09) මුස්ලිම් ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

මුස්ලිම්වරුන්ගේ නාමයෙන් මුස්ලිම්වරු කළ මෙම අපාරාධය හේතුවෙන් සමස්ත මුස්ලිම් ජනතාව වේදනාවට පත්ව සිටින බවයි අමීන් මහතා කියා සිටියේ.

මේ අතර මුස්ලිම් නිවෙස් වල කඩු තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමීන් මහතා පැවසුවේ කඩු ළඟ තබාගන්නේ ගැහැණු දරුවන්ගේ සහ සෙසු අයගේ ආරක්ෂාවට බවයි.

https://www.facebook.com/hotnirosh/videos/2424419054275778/



One thought on “මුස්ලිම්වරු කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට”

  1. මුස්ලිම් අන්තවාදීන් මත්කුඩු, කාම උද්දීපනය කරන පෙති වපුරලා, කාමාපරාධ වැඩි වෙන්න සලස්වල ඊළගට මේ කාමාපරාධ සිදුවීම් පාවිච්චි කරනවා බුර්කාව ඇදීම අනිවාර්ය කරන්න (මේ වගෙ කියන දේශනා අන්තර් ජාලයේ තියනවා ). ඒ ඒක්කම වද පෙති බෙදනවා ඔවුනගෙ ව්‍යප්තවාදය ඉෂ්ට ක‍ර ගන්න. What a hypocrisy!

    දැන් සාමාන්ය මුස්ලිම් අයත් කියනවා කඩු ළඟ තබාගන්නේ ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට බව. ඒ අය‍ට කලින් පෙනුනෙ නැද්ද මේවයෙ තියන අන්තර් සම්බන්ධය?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More