දේශීය පුවත්

ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ පැවැත් වුණි.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු රජයේ කණගාටුව පළ කළ තානාපතිතුමිය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සූදානම් බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මිත්‍ර රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමෙන් තම රට වල ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි බවද ඇය සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඩී වී චානක, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් විය.



One thought on “ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක මහින්ද අතර හමුවක්”

  1. ඇමෙරිකාව සුදු හුණු ගා ගන්න කරපු ෆොටෝ ෂූට් එක හොදින්ම කෙරිලා වගේ.

    මේ ව්‍යාසනයට පාර කපන්න ප්ලෑන් ගහපු අය දැන් බයවෙලා මුස්ලිම් අන්තවාදීන්ට වැඩේ තේරිල අමෙරිකන් ප්ලෑන බකල් වෙයි කියලා !

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More