දේශීය පුවත්

මහා සංඝරත්නය ගෞරවයට හානියක් නොවන ලෙස අධිකරණ කටයුතු සිදුකරන්නැයි අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන තත්ත්වයක් දැකිය හැකි යැයි මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති.

විහාරස්ථානවල සාම්ප්‍රදායික කටයුතු මහා විහාරය විසින් ඉටු කිරීමට හැකියාවක් ඇති නමුත් අධිකරණය ඊටත් වඩා පොදු සම්භාවනාවට පාත්‍ර වන නමුත් අධිකරණයේ ක්‍රියාවලිය දිගින් දිගින් දිගටම ප්‍රමාදවීම නිසා සියලු පාර්ශ්වයන් දැඩි පීඩාවට පත්ව ඇතැයි නව අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා හමුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

නව අගවිනිසුරු ධුරයට පත් ජයන්ත ජයසූරිය මහතා අද (09) අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවය මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්හ. අනතුරුව මල්වතු මහා විහාරයට ගිය ඒ මහතා එහිදී එම පාර්ශ්වයේ මහා නායක තිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More