දේශීය පුවත්

ලංකාවේ ජාතික හා ආගමික  සහජීවනය සහතික කිරීම සඳහා  නිර්දේශ ලබා ගැනීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව මේ වන විට නිකුත් වී ඇත.

lanka Lead News මේ පිළිබඳ ජාතික සංවිධානවල මතය විමසන ලද අතර ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එම වාර්තාව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ද 2019 පෙබරවාරි මස 22 වැනිදා නිකුත් වූ එකක් බව යෙ.

එම වාර්තාව ” යන්නෙ කොහෙද මල්ලෙ පොල් ” පන්නයේ වාර්තාවක් බවට  හාස්‍යයට ලක් කළේය. නමුත් ඔහු සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කථානායකතුමාගේ සහභාගිත්වයෙන් එම පාර්ලිමේන්තු කාරක සභාව විසින් 2014/04/26 කැඳවූ සමුළුවේ වාර්තාව ඒ ආකාරයටම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම හාස්‍යයට කරුණක් නොවන බව ය.

මේ ඔහුගේ විග්‍රහයයි

” එම සමුළුවට විපක්ෂ නායකවරයාට ආරාධනා කරමින් යවන ලිපියේ සඳහන් වන්නේ අප්‍රේල් 21 දා සිදුවූයේ අවාසනාවන්ත සිදුවීමක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා ඊට විරෝධය පළ කළා ද යන්න දන්නේ නැහැ. එහෙත් එම හැඳින්වීම මේ රටේ මහජනයාගේ සාමාන්‍ය බුද්ධියට නිගාවක්. එහෙනම් එය සුනාමි වැනි ස්වභාවික ආපදාවක්. එම අතුරු වාර්තාව අනුව එවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියට සිදුවීම වැළැක්වීම සඳහා යෝජනා කරන ක්‍රියාමාර්ග වලින් පෙන්වන්නේ ප්‍රශ්නය කුමක්දැයි නිවැරදිව විග්‍රහ කරගන්න අවශ්‍ය බුද්ධිය කෙසේ වෙතත් පිටකොන්දක් නැති බව ය  එම වාර්තා මගින් කියන්නේ මුස්ලිම් ත්‍රස්තවාදය , ඉස්ත්‍ලාම් ආගමික ත්‍රස්තවාදය  වැනි වචන භාවිතා නොකළ යුතු බව ය. ඊට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ උත්තමයන් සිංහල දෙමළ ජාතීන් අතර ද සිටිති. එම වාර්තාව හැදූ අය ඉතා සූක්ෂමව මුස්ලිම් ජාතියක් සිටින බවද තහවුරු කරනවා. එම වාර්තාව ප්‍රශ්නයට විසඳුමක් ලෙස පිරිවෙන් වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට ද හැකිතාක් දුරට දෙමළ සහ ඉංග්‍රීසි කතාව ඉගැන්විය යුතු බවද සඳහන් වනවා.  මෙවැනි කතානායක වරයෙක් රටේ ජනාධිපති වුවහොත් කුමක් සිදු වීද?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More