දේශීය පුවත්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා සිව්වැනි වරටත් අද පැවැත්විණි.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව විනාඩි 30 ක පමණ කාලයකට සීමා වූ බවයි වාර්තා වන්නේ. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමටයි එහිදී තීරණය වී තිබෙන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ පක්‍ෂයේ උපදේශක මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරු මෙම සාකච්ඡාව සදහා එක් වූහ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වූයේ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්වරුන්ය.

===============================

ශ්‍රීලනිප – පොහොට්ටුව සන්ධාන සිව් වන සාකච්ජාව අද

 

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිව්වන වටයේ සාකච්ඡා අද (09) පැවැත්වෙයි.

අද පෙරවරු 10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More