දේශීය පුවත්

හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පාස්කු ප්‍රහාරයෙන් පසු හා පෙර ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය දැඩි විවේචනයකට ලක් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මත පටවා ඔවුන් දෙදෙනා ගෙදර යැවීම පිළිගත නොහැකි අතර මෙම අවධානම ගැන ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපතිවරයා දැනුවත්කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණද ඉදිරි ක්‍රියාත්මක වීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී නැති බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

ෆොන්සේකා මහතාගේ කතාව අතරතුර විමල් විරවංශ මහතා ඔහුට ප්‍රශ්නයක් යොමු කළේ 2015 ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපති ලෙස පත්කිරීමට වෙහෙසෙන විට සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය ගැන අවබෝධයක් නොතිබුණේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ආරම්භයේ පටන් එම තෝරා ගැනීමට තමන් විරුද්ධ වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දුන් කොඩිවිනයක් බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More