දේශීය පුවත්

කොළඹ මාලිගාවත්ත මධුසලාන් ජුම්මා පල්ලිය අසල පිහිටි පොදු ළ‘ඳක සඟවා තිබූ කුඩා පිස්තෝලයක්, කඩු, පිහි, අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් මාලිගාවත්ත පොලිසිය විසින් ඊයේ (08 වැනිදා) සොයා ගන්නා ලදී.

මෙහිදී හඳුනා නොගත් කුඩා පිස්තෝලයක්, ඊට යොදන උණ්ඩ හයක්, කඩු 58 ක්, කුඩා ප‍්‍රමාණයේ පිහි 56 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 20 ක්, අන්තවාදී අදහස් ඇතුළත් ඞීවීඞී තැටි ඇතුළු භාණ්ඩ මෙසේ පොලිසිය මගින් සොයාගෙන තිබේ. මාලිගාවත්ත ප‍්‍රජා පොලිස් එ්කකයට ලද තොරතුරකට අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසියම් පිරිසක් විසින් මේවා ළිඳෙහි සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙසේ සොයාගත් කඩු අතර අනිකුත් මුස්ලිම් පල්ලිවල තිබී සොයාගත් කඩුවලට සමාන කඩු 46 ක් ද තිබෙන බව පොලිසිය කියයි. මෙම භාණ්ඩ සඟවා තැබූ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More