හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා අද (08) මහජනයාට ප්‍රදර්ශනය කළහ.
සුදුපැහැ සළුවක් පොරවා තිබූ බිළිඳා පෙන්වමින් මේඝන් මෙසේ පැවසුවාය. ‘‘ඔහුට ප්‍රිය උපදවන චිත්තස්වභාවයක් හිමිවී තිබෙනවා. ඔහු සත්‍යවශයෙන්ම තැන්පත්, ඔහු අපේ සිහිනයයි.”
එවිට දෙදෙනාම සිනාසුන අතර පුතුට ඒවා ලැබුණේ කාගෙන්දැයි නොදන්නා බවත් හැරී කුමරු පවසා ඇත.නුදුරු දිනයකදී රැජිණට පෙන්වීම සඳහා බිළිඳා රැගෙන යෑමට නියමිතව ඇති බවද රාජකීය යුවල සඳහන් කර ඇත.
තමාට ලෝකයේ හොඳම පුද්ගලයින් දෙදෙනා මුණගැසී ඇති බැවින් ඉතාම සතුටින් ජීවිතය ගෙවී යන බව මේඝන් කුමරිය පැවසීය. මවක වීම ඉතා විස්මිත දෙයක් යැයි ඇය තවදුරටත් පැවසීය.
පසුගිය සඳුදා උපත ලැබූ බිළිඳා බ්‍රිතාන්‍ය කිරුළ හිමි හත්වැන්නා වේ.
(බීබීසී ඇසුරිණි – 085)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...