දේශීය පුවත්

කෙටුම්පත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තු විවාදයේදී පැවසීය.

විපක්ෂය ලෙස ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ බව කියා සිටි රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවටද පැහැදිලිතාවක් නොමැති බවය.

එම නිසා මේ සඳහා කාරක සභාවක් පත්කිරීම යෝග්‍ය බව විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ යළි ඕනෑම අවස්ථාවක එම පනත සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට හැකි බවය. සියලුදෙනාම සාකච්ජා කර තීන්දුවකට පැමිණිය හැකි බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

විවාදයට එක්වෙමින් පාලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ඊයේ පැවති ආංශික කමිටුවේදී ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් සාකච්ජා කළ බවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා පැවසුවේ මෙරට ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ප්‍රති ත්‍රස්ත පනත අවශ්‍ය නොවන බව යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම අවධාරණය කළේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් මෙරට පවත්නා නීති ප්‍රමාණවත් නොවන බවය.

ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් වන සාකච්ජාව වඩා සක්‍රීය තැනකට පත් වූ අතර ඊට පෙරද විපක්ෂය ඇතුළු සිවිල් සංවිධාන මෙම පනතට එරෙහිව විරෝධතා ප්‍රකාශ කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More