දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ පොදුවේ සියලු ජන කොටස් වලට එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත්, ශ්‍රී ලංකාව බුද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බවත් හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

පාස්කු ඉරිදා දින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයත් සමග දේශපාලනඥයන් මෙන්ම සමාජයේ වගකීම් දරන බොහෝ දෙනෙකු මුනිවත රකිමින් සිටි අවස්ථාවක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි සිදු කළ ප්‍රකාශය මුළුමහත්මත් බෞද්ධ සමාජයම අවදි කළ බව ඔහුට එරෙහි පාර්ශව පවා ඔහු අගයමින් අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘අමතක කරන්න එපා.මේක බෞද්ධ රටක්.බෞද්ධයා මුල්වෙච්ච සමාජයක් ජීවත් වන රටක්.අපි බෞද්ධ ජනතාවට ස්තූතිවන්ත විය යුතුයි.මං හිතන්නේ අපි හැමෝටම ඒ ස්තුතිය කරන්න අමතක වුණා.හැබැයි අපි මතක් කරන්න ඕන.ඒ බෞද්ධ ජනතාව බැරිවෙලාවත් නැගිට්ටනම්, බෞද්ධයන් කුපිත වුණා නම් මීට වඩා මහා විනාශයක් වෙනවා. ඒ නිසා මං මේක අවස්ථාවක් කරගන්වා බෞද්ධ ජනතාවට හා බෞද්ධ ආගමික නායකයන්ට මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන්නේ නැතිව , මේ ප්‍රශ්ණය උග්‍ර කරන්නේ නැතිව ඒ ලබාදුන්නේ සහයෝගය පිළිබඳව මම බෞද්ධ සමාජයට ස්තුතිවන්ත වෙනවා අද මේ රටේ සියලුම අනෙකුත් ජාතීන් වලට 18 වෙනකම් ඉන්න ඕන බඳින්න. 18 මසෙකට කලින් බැන්දොත් හිරේ විලංගුවේ දානවා.හැබැයි ඉස්ලාම් ධර්මය තුළ වැඩිවියට පත්වෙච්ච ළමයට අවුරුදු 15දී බඳින්න පුලුවන්කම තියනවා.ආගමික වෙනසක් තියෙන්න පුලුවන්. හැබැයි රටේ නීතිය එකක් විය යුතුයි.ඒ නිසා සියලු පක්ෂ මේක අත්දැකීමක් කරගෙන එක රටක් එක නීතියක් කියන සංකල්පය අපි මේ රටේ ස්ථාපිත කරන්න ඕන. ලංකාවේ විශාල කතාබහක් තිබෙනවා තිබෙන පාසල් සියල්ල පොදුවේ ඉගනන්න පුලුවන් ඉස්කෝල වෙන්ඩ ඕන කියලා.එහෙම නැතිව අපි දරුවෙක්ව අවුරුදු 18ක් එක වර්ගයක් එක්ක තියලා එක විදියකට පුරුදු කරලා අපි ඊළඟ අවුරුද්දේ කියනවා උඹ යාලුවියං අහවල් ජාතියත් එක්ක කියලා. මේක ප්‍රායෝගිකව කරන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා අධයාපනය ක්‍රමය වෙනස් වෙන්න ඕනමේ වෙලාවේ මුස්ලිමේ දේශපාලන නායකයො මේක බෞද්ධ රටක් කියලා පිලිගන්නවා වගේම අපේ පැත්තෙන් තියන අඩුපාඩු හදාගන්නම් කියලා තියනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More