රුසියා ජාතික ගුවන් සේවය වන Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කොළඹ හා ඉන්දුනීසියාවේ බාලි වෙත සිදුකළ මෙහෙයුම් මාස දෙකක පමණ කාලයක් නවතා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව මැයි 11 දා සිට ජුලි දක්වා ඔවුන් මොස්කව් සිට කොළඹට හා ඉන්දුනීසියාවේ බාලි දක්වා ගුවන් ගමන් සිදුනොකරන බව රුසියා මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු විදේශ අමාත්‍යාංශය හා රුසියානු සංචාරක සේවාව කළ ඉල්ලීමක් අනුව ලංකාවට ගුවන් ගමන් නවතා දමා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ සංචාරක කාල සීමාව අවසන්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් රුසියාව විසින් එරට ගුවන් සේවා වලට හෝ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...