දේශීය පුවත්

රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත.

ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 350 ක් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අදහස දක්වා ඇති ජනාධිපතිවරයා තමා මෙම යෝජනාවට මීට පෙරද විරුද්ධ වූ බවත් මීට පෙර අනුමැතිය දුන්නේ ටැබ් පරිගනක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පමණක් බවත් පවසා ඇත.

ඒ සඳහා ටැබ් පරිගනක 1,83,000 ක් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා පවසා ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.

එහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුදේ මේ වනවිට සකස් කර ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More