එල්ටීටීඊ සංවිදානය තවදුරටත් තහනම්කර තිබීම අර්ත ශුන්‍ය ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් මහතා අවධාරණය කරයි.
හිටපු එල්ටීටී සමාජිකයින් සැලකියයුතු පිරිසක් විවිධ දේශපාලන පක්ෂවලින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බවත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණ ඇති නිසා තවදුරටත් එල්ටීටීඊ සංවිධානය තහනම් කර තිබීමෙන් පලක් නොවන බවද සිවඥානම් මහතා පෙන්වා දෙයි.
දැනට බන්ධනාගාර ගත කර සිටින එල්ටීටීඊ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට තමා අණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි. මේ අනුව එල්ටීටීඊ සංවිධානයේ තහනම ඉවත්කරන ලෙසට ආණ්ඩුවට යෝජනා කරන බවද සී.වී.කේ. සිවඥානම් මහතා වැඩිදුරටත් පවසයි.
උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් මහතා මේ බව ප්‍රකාශ කළේ යාපනේ පැවති රැස්විමකදීය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...