දේශීය පුවත්

වත්මන් රජය රටට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව සමඟ භික්ෂුන් වහන්සේ පාරට බැස දැවැන්ත විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරන බව පැවදිහඩ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී පැවැසූහ.

රටට වින කටින සියලූ පිරිස් පලවා හැරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ සියලූ දෙනා පෙරට ආ යුතු බවත ඒ සදහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලූ දෙනාට ආරාධනා කර සිටින බවද උන්වහන්සේ සදහන් කළහ.

පැවදිහඩ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද කීහ.

‘‘මේ රජයේ වැඩපිළිවෙල යටතේ රට දිනෙන් දින වලපල්ලට යනවා. මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිළිබ`ද කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. තිස් අවුරුදු යුද්දයක් පැවතියාට වඩා අද ජනතාව බියෙන් සැකෙන් ජීවත්වෙනවා.මුලූ රටේම ජනතාවගේ සහභාගීත්වයෙන් අපි මේ රජයට විරුද්දව දැවැන්ත විරෝධතාවයක් ක‍්‍රියාත්මක කරනවා. පැවදි හ`ඩ සංවිධානයේ මෙහෙයවීමෙන් අපි මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාටත් අපි ඒ ස`දහා ආරාධනා කර සිටිනවා.

කොච්චර හදිසි නිතිය තිබුනත් අපි මේ සටන අතහරින්නේ නැහැ. අපි මේ ආණ්්ඩුවට විරුද්දව පාරට බැහැලා දැවැන්ත විරෝධතාවක් ක‍්‍රිටය්ත්මක කරනවා.
අපි මේ කරන්නේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් නෙමෙයි. මේ පියවර ගන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි. අද ජනතාව අපිට කියනවා හාමුදුරුවෝ මොනවත් කරන්නේ නැහැ සියලූ දේ කරන්නන්් කාදිනල් තුමා කියළා. අපිත් දැන් ඉවසුවා ඇති ඉදිරියේදි ක‍්‍රියාත්මක වෙනවා.ජේ. ආර් ජයවර්ධන මහතාගේ කාළයෙය්ත් හදිසි නිතිය දාලා මැයි දින තියන්න එපා කිවුවා. ඒත් අභයාරාමයේ අපි මැයි දිනයක් පැවැත්වුවා. මෙවරත් අපි ඒ තහනම් නියෝග පැත්තකට දාලා ජනතාව සමග මේ සටන ඉදිරියටම ගෙනියනවා.



One thought on “‘ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව භික්ෂූන්වහන්සේලා පාරට බහිනවා‘”

  1. Do your duty which is preaching Bana. I have never seen this person doing his duty. He is more on Nurses duty and Scratching MR’s balls. Bloody shame on Buddhism. Also let him do these duties actively by removing the Robe pl. If he is continuing these duties people should get together and remove his robe by force.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More