දේශීය පුවත්

අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත.

පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් අයි.එස්. ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙගන ඇත්තේ සෙනසුරාදා (04)ය.

මොහු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අයි.එස්.අයි.එස් මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දන්වා එවා ඇත. මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂවරයා සමග ගන්දර පදිංචි ෂේෂාත් මොහොමඩ් නමැති අයකුද අත්අඩංගුවට ගෙන ඇත.

සහකාර අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ හත්වැනි මහලේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් කාර්යාලය තුළ නිලධාරීන් දසදෙනෙකු පමණ සේවය කරන අතර, ඒම කාර්යාලයට ඊයේ (06) පොලීසිය පැමිණ සීල් තබා ඇත.

මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂකවරයා තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේය.

දෙරණ අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More